
ආරම්භයේදී ටැංකි 101කින් සමන්විතවෙලා තිබුන මේ සංකීර්ණයේ තිබුණ ටැංකි වලින් එකක් දෙවන ලෝකයුද්ධ සමයේ ජපන් ප්‍රහාරවලිනුත් තවත් එකක් 60 දශකයේ සිදුවූ ගුවන්යානා අනතුරකිනුත් විනාශයට විනාශයට පත්ව තිබේ. මේ වන විට ගබඩා සංකීර්ණයතුළ පවතින ටැංකි වලින් 15ක් භාවිතයට ගන්නා අතර ඉතිරිය භාවිතයට ගැනීමට ප්‍රථම ප්‍රතිසංස්කරණය කළයුතුව ඇත. මින් එක් ටැංකියක ධාරිතාවය ආසන්නවශයෙන් බැරල් 77,000 ක් වේ. ඒ අනුව මෙම සංකීර්ණය සම්පූර්ණයෙන් පිළිසකරකළහොත් ඒ තුළ ගබඩාකළහැකි ඛනිජතෙල් ප්‍රමාණය බැරල් 7,623,000කි.
පහුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් පරිභෝජනය ශ්‍රීග්‍රෙයන් ඉහලයමින් පවතින නමුත් U.S. Energy Information Administration විසින් ඉදිරිපත්කර ඇති සංඛයාලේඛන වලට අනුව වැඩිම පරිභෝජනයක් පෙන්වන 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ඛනිජතෙල් පරිභෝජනය බැරල් 38,880,000ක් වේ. ඒ අනුව මේ ටැංකි 99 තුළ පමණක් ශ්‍රී ලංකාවට දින 71ක කාලයක් සඳහා අවශ්‍යකරන ඉන්ධන ගබඩාකර තබාගැනීමේ හැකියාවක් පවතී.
ඔෑනෑම රටක් හදිසි අවශ්‍යතාවයන් සඳහා යම් ඛනිජතෙල් සංචිතයක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය කරුණක් බව අමුතුවෙන් කිවයුතු නැති නමුත් එසේ පවත්වාගෙන යාමට හැකි සංචිතවල ප්‍රමාණය එම රටේ ආර්ථිකයට දරාගැනීමට හැකි ප්‍රමාණයේ එකක් වියයුතුය. දැනට ශ්‍රී ලංකාව සතු ඛනිජතෙල් ගබඩාකිරීමේ හැකියාව ප්‍රමාණවත් වන්නේ දින 45ක් සඳහා පමණි. යුරෝපා සංගමය සහ අන්තර්ජාතික බලශක්ති නියෝජිතායතනය තම සාමාජික රටවලට හදිසි අවශ්‍යතාවයකදි ප්‍රයෝජනය ගැනීම සඳහා පවත්වාගෙන යත යුතු යැයි නිර්දේශ කර ඇති ඛනිජතෙල් සංචිත ප්‍රමාණය වන්නේ දින 90ක කාලයක් සඳහා සෑහෙන ප්‍රමාණයකි.
කෙසේ වෙතත් මේ සංඛ්‍යාෙල්ඛන අනුව පැහැදිළිවෙන කරුණ වන්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණය භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් හෝ හැකියාවක් මේ දක්වා ශ්‍රී ලංකාවට නොමැති බවත් ඒ වගේම නුදුරු අනාගතයේ එවැනි අවශ්‍යතාවයක් ඇති නොවන බවත්.
එමෙන්ම මෙම සංකීර්ණයේ පවතින ටැංකි වලින් දැනට භාවිතාවන ටැංකි 15 හැරුණුවිට ඉතිරිය දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට නොගැනීම සහ නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් නැවත ප්‍රතිසංස්කරණය කිරීමකින් තොරව භාවිතයට ගැනීමට නොහැකි තත්වයක පවතී.
මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු පවසන තවත් කරුණක් වන්නේ ඉන්දියාවට මේ සංකීර්ණය බදු ගැනීම තුලින් ලාභ ඉපැයීමට හැකියාවක් පවතිනවා නම් ශ්‍රී ලංකාවට එසේ කළ නොහැකි වන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි. මෙම තෙල් ටැංකි නැවත පිලි සකර කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේ දී එවැනි පිරිවැයක් දැරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුද යන්න පිළිබඳවත් එමෙන්ම ඒ මුදල වියදම් කළහැකි වඩාත්ම ඵලදායී ක්‍රියාව එයද යන්නත් පිළිබඳව අවධානය යොමුකළයුතුයි. එමෙන්ම නැවත නවීකරණය කිරීමෙන් අනතුරුව ඒ හරහා ආදායම් ඉපැයීමට සහ අවශ්‍ය වෙළඳපොලක් සොයාගැනීමට හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පවතිනවාද යන්න කෙරෙහිත් අවධානය යොමුකළයුතුව ඇත.
දැනට මේ ආකාරයට තෙල් පිරිපහදුකර නැවත බෙදාහරින සිංගප්පූරුව මේ වනවිට මෙම ක්සේස්ත්‍රය තුළ දැඩි ස්ථාවරත්වයක් හිමිකරගෙන සිටීම තුළ ශ්‍රී ලංකාව වැනි රටකට එම වෙළඳපොල අත්පත්කරගැනීමට ඇති හැකියාව ඉතාම සුළු බව කිවයුතුව ඇත. ශ්‍රී ලංකාව සමඟ සංසන්ධනය කිරීමේදී තත්වය එසේ වුවත් ඉන්දියාව හා සම්බන්ධයෙන් මෙම තත්වය මීට වැඩිය හාත්පසින්ම වෙනස් ආකාරයක් ගනී. ලෝකයේ දෙවැනියට විශාලතම ජනගහනයට හා තෙවැනියට විශාලතම දළ දේශීය නිශ්පාදනයට (ක්‍රය ශක්ති සාමාණ්‍ය අනුව) හිමිකම් කියන ඉන්දියාවට සිංගප්පූරුවත් සමඟ තරඟ කිරීමේ හැකියාවක් පවතිනවා මෙන්ම ඉන්දියාවේ දේශීය වෙළඳපොළ තුළම මේ ක්‍රියාවලිය සඳහා විශාල ඉඩකඩක් පවතී.
මේ සම්බන්ධයෙන් ඉදිරිපත්වන තවත් තර්කයක් වන්නේ මේ ගණුදෙනුව හරහා ශ්‍රී ලංකාව තුළ තෙල් ගබඩාකරගැනීමේ ඒකාධිකාරිය ඉන්දියාව අතට පත්වන බවයි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාව තුල තෙල් ගබඩාකිරීම සඳහා භාවිතා වන්නේ මේවායින් ටැංකි 15ක් පමණක් වන අතර දැනට අනෙකුත් ප්‍රදේශවල පවතින පහසුකම් පවත්වාගෙන යාම සහ අවැසිනම් ඒවා වැඩිදියුනු කිරීමට හෝ පුළුල් කිරීමට මේ බදුදීම තුළින් බාධාවක් ඇති නොවේ. මෙය හුදෙක් අප විසින් භාවිතා නොකරන, එමෙන්ම නුදුරු අනාගතය තුළ භාවිතා කිරීමට අවශ්‍යතාවක් ඇති නොවන තෙල් ගබඩාකිරීමේ පහසුකමක් බදුදීමක් හැර අන් කිසිත් නොවේ.
ත්‍රිකුණාමලය තෙල් ගබඩාකිරීමේ සංකීර්ණය සම්බන්ධයෙන් මේ මොහොත වනවිට අපි සතුව පවතින තොරාගැනීම් දෙක බවට පත්වී ඇත්තේ දැනට පවතින වෙළඳපොළ තුළ ඇති තරඟයට මුහුණදීමට හැකි ආයතනයකට/රටකට මේ සංකීර්ණය බදුදීම හෝ එසේ නොමැතිනම් එය මෙතෙක් කළක් සිදුකළ ආකාරයටම නැවත වනයට අතහැර දැමීම වේ.
එමෙන්ම මේ සම්බන්ධව ඇති තවත් සාධකයක් වන්නේ මේ වනවිට ඇතිවෙමින් පවතින පාරිසරික ගැටළු හේතුවෙන් ඛනිජතෙල් භාවිතය සීමාකිරීම සඳහා ලෝකය පුරාවටම ඇතිවෙමින් පවතින නව ප්‍රවනතාවයයි. මේ ප්‍රවාහනය, විදුලිබලය නිපදවීම මෙන්ම කර්මාන්ත සඳහා ඛනිජතෙල් වෙනුවට සුළං, සූර්ය බලය, ජලවිදුලිය ඇතුලු අනෙකුත් පුනර්ජනනීය බලශක්තීන් යොදාගැනීම සම්බන්ධයෙන් විශාල පිබිදීමක් ලෝකය පුරාවටම ඇතිවෙමින් පවතින යුගයකි. ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, පමණක් නොව තෙල් නිශ්පාදනයේ දැවැන්තයින්වන කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉරානය ආදී රටවල් පවා මේ වනවිට සූර්ය ශක්තිය මඟින් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර අවසන්. එමෙන්ම මේ වනවිට ලෝකයේ බලශකිත් පරිභෝජනයේ ප්‍රමුඛයන් වන ඇමෙරිකාව, චීනය සහ ඉන්දියාව මහා පරිමාණයේ සූර්ය ගොවිපළවල් සහ සුළන් ගොවිපළවල් ආරම්භකිරීමට මූලික පියවරගෙන අවසන්. ඇමෙරිකා එක්සත් ජනපදයේ Sandstone Energy 10X සහ චීනයේ Ordos මේ ආකාරයෙන් ඉදිකිරීමට යෝජිත සූර්ය බලාගාරවල ධාරිතාවය මෙගාවොට් 2,000ක් වන අතර දැනට ඉදිකිරීමට යෝජනාවී ඇති විශාලතම සුළං බලයෙන් ක්‍රියාත්මකවන විදුලි බලාගාර වන ඇමෙරිකා එක්සත් ජනපදයේ Titan Wind Project සහ ස්වීඩනයේ Markbygden Wind Farm වල ධාරිතාව පිලිවෙලින් මෙගාවොට් 5,000 සහ 4,000 වේ. SolarPower Europe Association ප්‍රකාශකරන ආකාරයට පසුගිය වසරතුළ පමණක් (2016) ලෝකයේ සූර්ය ශක්තියෙන් විදුලිය නිශ්පාදනය 50%කින් වර්ධණය වී තිබේ. එමෙන්ම ජලවිදුලිය සුළං බලය සහ භූ උෂ්නත්වය හරහා විදුලිය නිපදවීමේ ප්‍රමාණයද ලෝකය පුරාවට ශ්‍රීග්‍රලෙස වර්ධණයවෙමින් පවතී. ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති ඒජන්සියට අනුව පසුගිය වසර තුළ පමණක් ලෝකය තුළ පුනර්ජනනීය බලශක්ති මඟින් විදුලිය නිපදවීම ගිගා වොට් 161කින් වර්ධනය වී තිබේ.


මීට අමතරව ඛනිජතෙල් භාවිතාවන ප්‍රධනතම ක්ෂේස්ත්‍රයවන මොටර්රථ ක්ෂේස්ත්‍රය තුළත් විද්‍යුත් මොටර්රථ ශ්‍රීග්‍ර දියුණුවක් ලබමින් තිබෙනබවත් අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. පසුගිය වසරතුල පමණක් ලෝකය පුරාවට අළෙවිකරන ලද විද්‍යුත් මොටර්රථ ප්‍රමාණය 750,000කට අධිකවේ. මෙය සමස්ථ මොටර්රථ අළෙවිකරණයෙන් 1%ක් පමණ වන නමුත් වසර 6ක් වැනි සුළු කාළයක් තුළ සමස්ථ මෝටර්රථ අළෙවිකරණයෙන් 1%ක ප්‍රමාණයක් අත්පත්කරගැනීමට සමත්වීම විශාල වර්ධණයකි. 2015 වසරේදී ලෝකයේ ප්‍රධානතම විද්‍යුත් මෝටර්රථ නිශ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉයොන් මස්ක් විසින් ඔවුන් සතු සියළු පේටන්ට් බලපත්‍රවල අයිතිය නිදහස් කිරීමත් මෙම ක්ෂේස්ත්‍රෙය් දියුණුව කඩිනම් වීමට බලපාන ලදී. එමෙන්ම දහවල් කාලයේ දී සූර්යශක්තිය මඟින් නිපදවන විදුලිය වඩාත් කාර්යක්ෂමලෙස ගබඩාකරගැනීමට හැකියාව ටෙස්ලා පවර්වෝල් (Tesla Powerwall) නැමැති බැටරි පද්දතියක් නිර්මාණය කිරීමට ඔහු සමත්ව ඇති අතර ඊට අමතරව ඔහු විසින් නිර්මාණය කරනලද තවත් සමාගමක්වන සෝලාර්සිටි සමාගම විසින් ගෘහාශ්‍රිතව නිපදවන විදුලිය වඩාත් කාර්යක්ෂමව සහා ආරක්ෂාකාරීලෙස ප්‍රධාන විදුලි ධාරාවට (Main Electrical Grid) එකතු කිරීම සම්බන්ධයෙන් අත්හදාබැලීම් රාශියක් සිදුකරමින් සිටී. තවද සෙවිලි තහඩු ආකාරයෙන් නිර්මාණයකර ඇති සෝලාර් රූෆ් නැමැති වඩාත් කාර්යක්ෂම (22%-24% ක කාර්යක්ෂමතාවයකින් යුතු) සූර්යකෝෂ නිර්මාණය කිරීමට සමත්ව තිබේ.


සම්පූර්ණයෙන්ම ඉන්ධන මත යැපෙන නාවික ප්‍රවාහන ක්ෂේස්ත්‍රය තුල පවා ඛනිජතෙල් භාවිතයෙන් ඉවත් වී විකල්ප බලශක්තියක් වශයෙන් පරමාණුක බලශක්තිය යොදාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවෙමින් පවතී. මීට අමතරව මෙම ක්සේස්ත්‍රය තුළ වඩාත් කාර්යක්ෂම සහ අඩු ඉන්ධන පිරිවැයකින් යුතු ඇන්ජින් නිශ්පාදනය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුවෙමින් පවතී.
නමුත් මේ සම්බන්ධයෙන් අශුභවාදීව දකින බොහොමයක් දෙනෙකුගේ අදහස වන්නේ මේ කියන වෙනස්කම් නුදුරු අනාගතය තුළ සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත බවයි. නමුත් පසුගිය දශක දෙක තුන තුළ ලෝකයේ සිදුවූ වෙනස්කම් දෙස බැලීමේදී මේ වෙනස්කම් සිදුවීමට එතරම් කාලයක් ගත නොවනු ඇති බව වටහාගැනීම එතරම් අපහසු කරුණක් නොවේ.
කෙසේ වෙතත් කරුණු කාරනා සියල්ල දෙස බැලීමේ දී මේ වනවිට ලෝකයේ අත්‍යවශ්‍යම භාණ්ඩය බවට පත්ව ඇති ෆොසිල ඉන්ධන එම ස්ථානයෙන් ඉවත්වීමට එතරම් කාලයක් ගත නොවනු ඇති බවත්, එවැනි තත්වයක් යටතේ මෙම තෙල් ගබඩාකිරීමේ සංකීර්ණයට වර්ථමානයේ පවතින වැදගත්කම අහෝසිවීයනු ඇති බවත් පැහැදිළිව පෙනෙන්නට තිබේ.
No comments:
Post a Comment