Saturday, November 21, 2015

තම රටේ පුරවැසියන්ගේ ආරක්ෂාවේ වගකීමෙන් පාලකයන්ට මිදිය නොහැක

පසුගිය වසරේ රිසානා සම්බන්ද සිදුවීම ශ්‍රී-ලංකාව තුල විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුනා. එම සිද්ධියෙන් අනතුරුව මේ වනවිට තවත් ශ්‍රී-ලාංකික කාන්තාවක් සෞදි අරාබියේ පවතින අමානුෂික නීතියේ ග්‍රහණයට හසුව මරණ දඬුවම නියමවී සිටී.

රිසානාට නියම වී තිබුනේ හිසගසා දැමීමෙන් මරණයට පතිකිරීමට වුවත් මෙම කාන්තාවට ඇයව හිස පමණක් පොලම මතුපිටට සිටින සේ වලලා ගල් ගැසීමෙන් මරා දැමීමට නියමිතව තිබේ. මෙම දඬුවම අතිශය අමානුශික බව කියන්නට කරුණු කාරනා අවශ්‍ය නොවේ. ඇය මෙම දඬුවමට මුහුනපා සිටින්නේ සෞදි අරාබියේ දී තවත් ශ්‍රී-ලාංකික තරුණයෙකු සමඟ අනියම් සබඳතාවක් පැවැති වීමේ වරදකටයි. ඇය කළ වරදට විශේෂයෙන්ම එම වරදට සම්බන්ධව සිටින්නේ ශ්‍රී-ලාංකිකයෙකු වී ඇති අවස්ථාවක මෙවැනි දඬුවමක් ලබාදීමට සෞදි රජය කටයුතු කිරීම අතිශයින්ම පිලිකුල් සහගත ක්‍රියාවකි.

මෙහි දැක්වෙන්නේ සවුදි අරාබියේ බලපැවැත්වෙන නීතියත් ඩෑෂ් නැතහොත් අයිසිස් ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක කරණ නීතියත් අතර සන්සන්දනයකි. මෙම නීතීන් දෙක අතර පැහැදිළි වෙනසක් දක්නට නොලැබේ.
අයිසිස් ත්‍රස්තවාදීන් විසින් ක්‍රියාත්මක කරන නීතිය අනුමත නොකරනවා සේම එයට සම්පූර්ණයෙන්ම සමාන සෞදි අරාබියේ ක්‍රිත්මක වන නීතියද අනුමත කිරීමට රජයට හෝ වෙනත් කිසිම ශිෂ්ඨයයි සම්මත මනුශ්‍යයෙකුට ඇතැයි මා පෞද්ගලිකව නොසිතමි. එමෙන්ම සෞදි ආරාබියතුල සේවකයන්ට සලකනු ලබන ආකාරය සම්බන්ධයෙන් ප්‍රභල චෝදනා ඇති අතර එම තත්වයේ සාධනීය වර්ධනයක් සිදුවන බවක් ද මේවනවිට පෙනෙන්නට නැත.

එමෙන්ම මෙසේ පවතිනා නීති රීතීන් සෞදි වැසියන්ට එක් ආකාරයකටත් අනෙකුත් රටවල සිට පැමිණෙන සේවකයන්ට තවත් ආකාරයකටත් බල පැවැත්වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ.

කුරාණයේ සඳහන් වූ නිසා වේවා, කාලාන්තරයක් තිස්සේ පැවත ආ නිසා වේවා මෙවැනි අමානුශික නීතියක් සහ සංස්කෘතියක් පවතින රටක් සමඟ ගණුදෙනු කිරීමේ දී තම පුරවැසියන්ට ලැබියයුතු උපරිම ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කිරීම රජයේ වගකීම වේ.

No comments:

Post a Comment