Showing posts with label Corruption. Show all posts
Showing posts with label Corruption. Show all posts
Saturday, November 21, 2015
නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම ඇත්තටම වැරදි ද?
ශ්‍රී-ලංකාවේ පාසල් නිල ඇඳුම් පිළිබඳ ඉතිහාසය දශක ගණනාවක් ඈතට විහිදෙන එකක්. යම් යම් මත බේද තිබෙන නමුත් පාසල් දරුවන් අතර සමානාත්මතාවය වර්ධනය කිරීම මෙහි අරමුණ බව බොහොමයක් අධ්‍යාපනඥයින් පවසන කරුනක්.
කොහොම වුනත් ලංකාව වගේ රටක සමහර දුෂකර ප්‍රදේශවල අඩු ආදායම් සහිත දරුවන්ට නිල ඇඳුම් සපයාගැනීම එතරම් පහසු කරුණක් නොවෙයි. හිටපු ජනාධිපතිවරයෙක් වන ජේ.ආර්. ජයවර්ධණ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ මේ ගැටළුවට පිළයමක් වශයෙන්. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා නිල ඇඳුම් බෙදා දීමේ දී ඔහු විසින් සිදුකළේ නිල ඇඳුම් සඳහා අවශය ප්‍රමාණයට රෙදි පාසල් දරුවන් වෙත ලබාදීම. එම කාලයේ වර්ථමානයේ වගේ රෙදි මිලදීගන්න පුළුන් ස්ථාන හැමතැනම තිබුනේ නැහැ ඒ වගේම රජයට අයත් රෙදි කර්මාන්ත ශාලා හරහා ශ්‍රී-ලංකාව තුලම මෙම රෙදි නිශ්පාදනය කිරීමේ හැකියාවක් පැවතුනා. එමනිසා ඒ වෙනකොට පැවති වාතාවරණයට අනුව මෙසේ රජය විසින් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ ගැටළුවක් පැවතුනේ නැහැ.
නමුත් වර්ථමානය වනවිට තත්වය සැළකියයුතු ලෙස වෙනස්වෙලා තියෙනවා. මේවනවිට ශ්‍රී-ලංකා රජයට අයත් කර්මාන්තශාලා හරහා රෙදි නිශ්පාදනයක් සිදුවන්නේ නැහැ. දැනට බෙදන රෙදි ලබාදෙන්නේ ටෙන්ඩර් කැඳවීම මඟින් තොරාගන්නා පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා. ඒ වගේම රෙදි පිළි ම්ලදීගැනීම ඒ වකවානුවේ තරම් අපහසු නැහැ. ඕනෑම නගරයක ඇති රෙදි පිළි සාපුපුවක් හරහා රෙදි මිළදීගැනීමේ හැකියාවක් මේ වනවිට පවතිනවා.
ඒ වගේම ලංකාව තුල පවතින රෙගුලාසි යටතේ මෙසේ රෙදි ලබා දීමේදී මේ දක්වා සියළුම අවස්ථාවන්හිදී නොයෙකුත් ආකාරයේ අක්‍රමිකතා ඇතිවූ බව නොරහසක්. අක්‍රමිකතා සිදුවීමට නොහැකිවන ආකාරයට පවතින හිඩැසි වැසීමට කටයුතු කළයුතුයයි යමෙකු තර්කකරනු ඇති. නමුත් ශ්‍රී-ලංකාවේ මෙතෙක් පැවති ශ්‍රී-ලංකාව තුල මුල්බැසගෙන ඇති ක්‍රියාකලාපයන් එක්ක මේ කියන අක්‍රමිකතා මඟහරවාගැනීමට කටයුතු කිරීම එතරම් ප්‍රායෝගික නැහැ.
එම හේතුව නිසා තවදුරටත් පාසල් නිල ඇඳුම් ලබාදීමේ දී රෙදි වශයෙන් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් වෙන්නේ නැහැ. එමෙන්ම මෙතෙක් පැවති ක්‍රියාවලිය තුල බොහොමයක් දෙනෙක් නොදකින ලද පැතිකඩක්ද තියෙනවා. පවතින විවෘත ආර්ථික ක්‍රමය යටතේ හා පවතින වානිජ රෙගුලාසි යටතේ තනි සමාගමක් සඳහා මෙවැනි අති විශාල ටෙන්ඩරයක් ලබාදීම තුල එම සමාගමට රෙදි ආනයන ක්ෂේස්ත්‍රය තුල ඒකාධිකාරයක් ස්ථාපනය කරගැනීමට පහසුවෙන් හැකියාව ලැබීම.
ලෝකයේ බොහෝ රටවල එක් සමාගමකට එක් ක්ෂේස්ත්‍රයක් තුල ඒකාධිකාරයක් ගොඩනඟාගැනීම අපහසු කිරීම සඳහා නීති රීත් සම්පාදනය කරලා තියෙන නමුත් මෙතෙක් ශ්‍රී-ලංකාව තුල ඒ ආකාරයට නීති රීති සම්පාදනය කරලා නැහැ. ඒ නිසා ලංකාව තුල මෙවැනි ටෙන්ඩරයක් ලබාගන්නා සමාගමකට තම ක්ෂේස්ත්‍රය ඇතුලේ අනෙක් සමාගම් වලට විශාල බලපෑමක් කිරීමේ හැකියාවල් තිබෙනවා. ඒ අනුව මේ ආකාරයට ඒකාධිකාරයක් ගොඩනඟාගානීම තුල ඔවුන්ට වෙළඳපොල තමාට රිසි ආකාරයට පාලනය කිරීමටත් අනෙකුත් තරඟකරුවන්ට වෙළඳපොලට ඇතුළු වීම අවහිරකිරීමටත් පහුසුවෙන් පුළුවන්කම ලැබෙනවා. ඇයි ඒකට විරුද්ධව නීති හදන්න බැරිද කියන තර්කය ගොඩක් දෙනෙකුට නඟන්න පුළුවන් හැබැයි ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය යටතේ එහෙම නීති සම්පාදනය කරන්න උත්සාහකරන එක කොච්චර සාර්ථක වෙයි ද කියන එක සම්බන්ධයෙන් ගැටළු තියෙනවා.
සමහර දේශපාලඥයන් පවා එල්ල කරන චෝදනාවක් වන්නේ සමහර බේබදු දෙමාපියන් මෙසේ ලැබෙන වවුචර් මුදල්කොට ඒ මුදල් තමාගේ පෞද්ගලික කටයුතු සඳහා භාවිතාකරනු ඇති බව. දැනට ලැබෙන පාසල් රෙදි මිලදීගැනීම සඳහා වෙනම වෙළඳපොලක් නිර්මාණය වී ඇති බව මෙසේ පොළවේ පය නොගසා ජීවත්වන දේශපාලඥයින් නොදන්නා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
යමක් සිදුකරන ක්‍රමය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇති විට අප සියළු දෙනා බොහෝවිට පුරුදුව ඉන්නේ එ් සඳහා පැලැස්තර විසඳුමක් යොදලා එම ගැටළුව මඟහරවා ගැනීමට උත්සාහ කිරීමට. නමුත් එම ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත්කරලා අවශ්‍යතාවයට ගැලපෙන නව ක්‍රමයක් ස්ථාපිතකරවීම කාලයෙන් කාලයට සිදුකළ යුතු අවශ්‍යතාවයක් බව අවබෝධකරගැනීම ඉදිරියට යාමට බලාපොරොතුත්වන රටක් අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්.
Thursday, November 12, 2015
ඇවන්ගාඩ් හුටපටයේ ඇතුලාන්තය හා සිවිල් සංවිධාන වල දේශපාලන මැදිහත් වීම
පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට එල්ල වූ ප්‍රභල චෝදනාවන් අතර ඇවන්න්ගාඩ් සමාගම සම්බන්ධයෙන් වූ චෝදනා ප්‍රධාන තැනක් ගනී. දේශපාලන වේදිකාව තුල ඇවන්ගාඩ් උනුසුම් මාතෘකාවක් වූ අතරම ඒ සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය එවකට විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය.
ජනාධිපතිවරණය අවසන් වී නව රජය පත්වීමෙන් අනතුරුව ජනවාරි මස 18 වන ඉරිදා ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර නැමැති නැව ගැළුවරායේ දී අත්අඩංගුවට ගන්නේ කරුණු මේ ආකාරයෙන් පවතින අතරතුරයි. එහි දී එම නැවේ තිබි ස්වයංක්‍රීය ගිනි අවි 3,000කට අධික සංඛ්‍යාවක් සොයාගැනීමට පොලිසිය සමත් විය. මේවායින් බහුතරය ලියාපදිංචි නොකල අවි බවට ද එම අවස්ථාවේ කරුණු ප්‍රකාශ විය.
මෙම නෞකාව ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර නැමැති පාවෙන අවිගබඩාව බවට පසුව අනාවරණය කරගන්නා ලදී.
ඔක්තොබර් මස 9 වනදා ඇවන්ගාඩ් සමාගමට අයත් තවත් මෙවැනිම වූ නෞකාවක් ගාළුවරාය ආසන්නයේ දී නාවික හමුදාව බාරයට පත්වන අතර එම නෞකාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි 810ක් සොයාගැනීමට නාවික හමුදාව සමත් විය.
ඇවන්ගාඩ් මාතෘකාව නැවතවතාවක් කරළියට පැමිනෙන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවේ සිදුකරන ලද ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි. මෙහිදී ඔහු ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගම විසින් කිසිඳු නීති විරෝධී කටයුත්තක් සිදුකොට නැති බවත් පොලීසිය විසින් මහනුවර නෞකාව අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ ලකුණ දමාගැනීමේ අරමුණින් බවත්ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගම නිසිඳු වරදක් කර නොමැති බවත්, මේ සම්බන්ධයෙන් සහ තවත් චොදනා ගණනාවක් එල්ලවී ඇති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට තමා කිසි ලෙසකින්වත් ඉඩ නොතබව බවත්ය.
ශ්‍රී-ලාංකික රජයේ නීති පද්දතිය සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යවරුන් දෙදෙනා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුල ගැටළු ගණනාවක් පැනනැගී ඇත. මේ අතරිනුත් ප්‍රධානම ගැටළුව වන්නේ දැනට පරීක්ෂන කටයුතු අවසන්ව නැති කටයුතුතක් සම්බන්ධයෙන් එම පරීක්ෂන කටයුතු භාර ආයතනයන් සහ නීතිය පසිඳලීම සම්බන්ධ ආයතනයන් භාර අමාත්‍යවරුන් දෙදෙනා මෙම කරුණ සම්බන්ධයෙන් මෙවැනි අදහසක් දැරීමයි.
මෙම අවස්ථාවේ බැඳියා පිළිගැටුමක්(Conflict of interest) ඇති වීම නොවැළැක්විය හැකි සිදුවීමකි. එමෙන්ම ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ ගැටළුවේ දී ඇවන්ගාඩ් සමාගමට නීති උපදෙස් සපයන්නේ තිලක් මාරපනගේ සොහොයුරාවන ගාමිණී මාරපනට අයත් නීතීඥ සමාගම වීම තුලද මේ ආකාරයේ බැඳියා පිළිගැටුමක් ඇතිවීමට විශාල ඉඩකඩක් පවතී. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දී තිලක් මාරපන විසින් ඇවන්ගාඩ් හැඳීන්වීමට යෙදුන මාගේ සේවා දායකයා යන ආමන්ත්‍රණය තුලම මෙම කරුණ ගැබ්ව ඇති බව මාගේ පෞද්ගලික හැඟීමයි.
එමෙන්ම ඊයේ දිනයේ පැවති ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් තීරණයකට එළැබීම සඳහා පැවති විශේෂ සාකච්ඡාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ද විශාල ගැටළුවක් පවතී.
මෙවැනි තත්වයක් තුල ඇවන්ගාඩ් සම්බන්ධ පරීක්ෂණ නිසි පරිදි සිදුවනවා ද නැති ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඕනෑම අයෙකු තුල ඇති වීම වැලැක්විය නොහැක.
සරලව පවසනවා නම් නීතීඥයෙකු හෝ වෙනයම් පුද්ගලයෙකු ඇවන්ගාඩ් ආයතනය නිවැරදිය යන්න සම්බන්ධයෙන් පෙනී සිටීම ගැටළුවක් නොවන නමුත් මෙම පරීඛ්ෂණ කටයුතු මෙහෙයවන ආයතන භාර අමාත්‍යවරුන් වන අධිකරණ අමාත්‍යවරයා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ඇවන්ගාඩ් ආයතනය නිවැරදිය යන්න වෙනුවෙන් පෙනී සිටීම ගැටළුකාරී තත්වයක් ඇතිකරන බව අමුතුවෙන් කියයුතු නොවේ.
මෙම ගැටළුවේ දී රටේ ජනතාව මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීලෙස කටයුතු කිරීමත් රජයට බලපෑම් එල්ල කිරීමත් එමෙන්ම රජය ජනතාවගේ හා සිවිල් සංවිධාන වල හඬට ඇහුම්කන් දීමත් පෙර පැවති තත්වය සමඟ සසඳන විට ඉතාම හොඳ ප්‍රවනතාවක් බව ද පැවසිය යුතුව ඇත.
Thursday, June 6, 2013
මුදලාලියි සිරිපාලයි.
මුදලාලි ගෙ වයිෆ් -අද ඉඳන් පොල්ගෙඩියක මිල රු.80යි සිරිපාල.
සිරිපාල - අම්මෝ දෙගුනෙකින් මල වැඩි කරලනෙ මුදලාලි.
මෙහෙම ගියොත් අපි පොල් ගන්න එක නවත්තන්න වෙන්නෙ.
මුදලාලි - ඒක තමයි ඒක බොහොම අසාධාරනයි නේ. තමුසෙ පොල්ගෙඩියකට
අසූවක් ගෙව්න්න ඕනෙ නෑ ඕයි. ඔන්න ඔහේ රු 70ක් දෙනව.
සිරිපාල පොල්ගෙඩියත් රැගෙන ගෙදර යයි.
සිරිපාල - මේ දන්නවද කඩේ මුදලාලි කියන්නෙ දෙවියෙක්.
සිරිපාලගෙ වයිෆ් - ඇයි එහෙම කියන්නෙ?
සිරිපාල - රු.40ට තිබ්බ පොල්ගෙඩිය අද මුදලාලිගෙ වයිෆ් රු.80ට
වැඩි කරලනේ රීට පස්සෙ මුදලාලිට කිව්වම මුදලාලි කිව්ව රු.70
ගානෙ ගන්න කියල.
වැඩේ කියන්නෙ සිරිපාල රු. 40/= පොල්ගෙඩිය රු. 70/= ට ගෙදර ගෙනිහිල්ල මුදලාලිගෙ හොඳත් කියපු එක.
සිරිපාල - අම්මෝ දෙගුනෙකින් මල වැඩි කරලනෙ මුදලාලි.
මෙහෙම ගියොත් අපි පොල් ගන්න එක නවත්තන්න වෙන්නෙ.
මුදලාලි - ඒක තමයි ඒක බොහොම අසාධාරනයි නේ. තමුසෙ පොල්ගෙඩියකට
අසූවක් ගෙව්න්න ඕනෙ නෑ ඕයි. ඔන්න ඔහේ රු 70ක් දෙනව.
සිරිපාල පොල්ගෙඩියත් රැගෙන ගෙදර යයි.
සිරිපාල - මේ දන්නවද කඩේ මුදලාලි කියන්නෙ දෙවියෙක්.
සිරිපාලගෙ වයිෆ් - ඇයි එහෙම කියන්නෙ?
සිරිපාල - රු.40ට තිබ්බ පොල්ගෙඩිය අද මුදලාලිගෙ වයිෆ් රු.80ට
වැඩි කරලනේ රීට පස්සෙ මුදලාලිට කිව්වම මුදලාලි කිව්ව රු.70
ගානෙ ගන්න කියල.
වැඩේ කියන්නෙ සිරිපාල රු. 40/= පොල්ගෙඩිය රු. 70/= ට ගෙදර ගෙනිහිල්ල මුදලාලිගෙ හොඳත් කියපු එක.
Subscribe to:
Posts (Atom)

