Friday, December 15, 2017

හැමෝටම නිකන් සල්ලි


දරීද්‍රතාවය, දුප්පත්කම කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාවට තියෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක්. කම්මැලිකම, නූගත්කම, අවාසනාව වගේ දාහක් දේවල් දුප්පත් කමට හේතු විදියට ඉදිරිපත් කලාට ඇත්තටම දුප්පත්කමට හේතුව ඔය මොකුත් නෙමෙයි සල්ලි නැති කම. සල්ලි තියෙනවා නම් කිසිම මිනිහෙක් දුප්පත් නෑනේ. ඉතින් දුප්පත්කම නැති කරන්න තියෙන ලේසිම විදිය ඉතින් මිනිස්සුන්ට සල්ලි දෙන එක.

එහෙම නිකං සල්ලි දෙන්න පුළුවන්ද? සල්ලි ගස් වලින් කඩන්නේ නෑනේ නැද්ද?

“Universal Basic Income”(UBI) එහෙමත් නැත්නම් සිංහලෙන් කිව්වොත් විශ්වීය අවම ආදායම ඒක සිංහල වුනාට දෙමළ වගේ සරලව කිව්වොත් හැමෝටම නිකන් සල්ලි කියන කන්සෙප්ට් එක ගැන අහලා තියෙනවද?

ඒකෙදි වෙන්නේ උස් පහත් තරාතිරමක් නැතිව රටේ ජීවත්වෙන හැම කෙනෙකුටම ජීවත් වීමට අවශ්‍ය අවම මුදලක් ලබා දෙන එක. වෙනත් විදියකට කියනවා නම් ජීවත් වෙන්න අවශ්‍ය මුදලක් ලබාගන්න එක භාෂණයේ නිදහස, ජීවත් වීමේ නිදහස වගේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකමක් බවට පත්කරන එක.

මේ කියන කන්සෙප්ට් එක 18 වෙනි සියවසේ ඉඳලා වාමාංශික දේශපාලන මතධාරීන් වගේම තේමස් පේන්, මිල්ටන් ෆ්‍රීඩ්මන් වගේ ලිබරල් දක්ෂිනාංශික මතධාරීන් කියන දෙගොල්ලොම කාලෙන් කාලෙට කරේ තියාගෙන ගියපු කන්සෙප්ට් එකක්. දෙගොල්ලො එහෙම කරපු අරමුණු වෙනස් ඒවා වුනත්. ඒ වගේම 70 දශකයේ මුල් කාලේ ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් මේක ක්‍රියාත්මක කරන්න ඔන්න මෙන්න කියන තැනට එනවා. මේ වෙද්දී මේ ගැන කතිකාවත ආපහු සැරයක් කරළියට ඇවිල්ලා තියෙනවා.



 මේක ගැන කතා කරද්දී මේකට විරුද්ධව ඉදිරිපත් කරන ප්‍රධාන තර්ක 3ක් තියෙනවා.

පළවෙනි එක වෙන්නේ කෝ මේකට සල්ලි සල්ලි ගස් වලින් කඩන්න බෑනේ. සල්ලි ප්‍රින්ට් කලොත් උද්ධමනය වැඩිවෙලා මිනිස්සුන්ට ගෙවන ගානෙන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙනවා. ආපහු ගෙවන ගාන වැඩි කරන්න වෙනවා එතකොට ආපහු සල්ලි ප්‍රින්ට් කරන්න වෙනවා මේක කරත්ත රෝදේ වගේ රවුමට රවුමට යනවා ඉවරයක් නෑ. ඒක නිසා මේක ක්‍රියාත්මක කරන එක ප්‍රායෝගික නෑ.

උත්තරේ බොහොම සරලයි ධනවතුන්ගෙන් ටැක්ස් කරනවා.

එතකොට ආපහු තර්කයක් ඉදිරිපත් කරනවා. ඒහෙම කරන්නේ කොහොමද එහෙම කරන්න ගියොත් ඒ අය කොහොමද අළුත් ව්‍යාපාර වලට ආයෝජනය කරන්නේ. අළුත් රැකියා අවස්ථා හදන්නේ කියන එක.

ව්‍යාපාරයක් කරලා මුදල් උපයන්න නම් ඒ කරන ව්‍යාපාරයට කස්ටමර්ලා ඉන්න ඕන. කස්ටමර්ලා අතේ සල්ලි තියෙන්න ඕන. දුප්පත් මිනිස්සු බහුතරයක් ඉන්න රටක මොන ව්‍යාපාරද? ඒවයින් කොහොමද ලාභ උපයන්නේ? මිනිස්සු බහුතරයක් අතේ සල්ලි ගැවසෙන එක ඇත්තටම ව්‍යාපාර වර්ධණයට හේතුවක් මිසක් ඒකේ අනිත් පැත්ත නෙමෙයි.

දෙවැනි කාරනේ තමයි මිනිස්සු ස්වභාවයෙන්ම කම්මැලියි. උන්ට නිකන් සල්ලි දුන්නොත් උන් කිසිම වැඩක් කරන එකක් නැහැ.

ඇත්තටම ඒක එහෙමද?

ලංකාවේ නීතියෙන් සම්මත අවම වැටුප රු. 10,000/=. උඹට මාසෙකට රු. 10,000/= නිකන් දුන්නා කියලා ජොබ් එකක් කරන එක නවත්තනවද? ඒ තර්කෙට උත්තරේ එතන තියෙනවා.

ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට ජීවත් වෙන්න තියෙන ප්‍රෙෂර් එක අයින් කරාම ඔවුන්ට පුළුවන් කමක් ලැබෙනවා වැඩි දුර අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව වගේ දේකට යොමු වෙන්න නිදහසක් ලැබෙනවා. ඒක දීර්ඝකාලීනව බැලුවහම ඇත්තටම ආයෝජනයක් කියතහැකි.

තුන්වෙනි කාරණේ තමයි මේක කරන්න ඕන දේශපාලඥයෝ දේශපාලඥයෝ අවස්ථාවාදීයි. මේ වගේ දෙයක් දේශපාලඥයෝ ලවා සම්මතකරගන්න මේ කපේට බැහැ මේවා ලස්සන කන්සෙප් වුනාට ප්‍රායෝගික නැති යුටෝපියානු කන්සෙප්ට් විතරයි කියන එක.

හොඳට හිතලා බැලුවොත් මේ වෙද්දී අපි භුක්ති විඳින අයිතිවාසිකම් බහුතරයක් (අවම වැටුපක්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, පාරිභොගික අයිතිවාසිකම් ලිස්ට් එක දිගට කියතහැකි) කාලෙකට, මීට අවුරුදු 100කට කලින් හිටපු මිනිස්සුන්ට පෙනුනේ ලස්සන හැබැයි ප්‍රායෝගික නැති යුටෝපියානු කන්සෙප්ට් විදියට. දේශපාලඥයන්ට ඕන බලය මිනිස්සුන්ගේ ඡන්දේ මිනිස්සුන්ගේ ඡන්දේ අරගන්න උන් ඕන දෙයක් කරන්න ලෑස්තියි. මිනිස්සුන්ට පුළුවන්නම් දේශපාලකයන්ට ඒත්තු ගන්වන්න මේක ක්‍රියාත්මක කළොත් ඡන්දේ ගන්න පුළුවන් කියලා ඔවුන් ලවා මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරගන්න එක අමාරු දෙයක් නෙමෙයි.

  

කෙස් පැලෙන තර්ක ගාණක් ගේන්න පුළුවන් වුනත් මාර්ක් සකර්බර්ග්, ඉයොන් මස්ක්, ක්‍රිස් හියුස් වගේ නිදහස් වෙළඳපළ ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෝ මේ කියන කන්සෙප්ට් එක එන්ඩෝර්ස් කරනවා. හරියටම කිව්වොත් ඒ අය කියන්නේ මේක කරන්න ඕන දෙයක් කියලා නෙමෙයි පවතින නිදහස් වෙළඳපළ ක්‍රමය පවත්වගෙන යන්න යුනිවර්සල් බේසික් ඉන්කම් එකක් ඇතිකරන එක නොකර බැරි දෙයක් කියලා.

ඒකට හේතු විදියට ඒ අය කියන්නේ තාක්ෂණයත් එක්ක බොහොමයක් දේවල් ඔටෝමේට් වෙන නිසා ඉදිරි දශකය දෙක ඇතුළත ගොඩක් නිශ්පාදන ක්ෂේස්ත්‍රෙය් රැකියාවල් මිනිස්සුන්ගෙන් යන්ත්‍රවලට මාරු වෙනවා කියන එක. ඒ වගේම වයිට් කොලර් ජොබ් බහුතරේකටත් ඉගෙන කෘතිම බුද්ධිය සහ ඉගෙන ගන්න සොෆ්ට්වෙයා නුදුරු අනාගතයෙදී වගකියන්න නියමිතයි. අපේ ගොඩක් දෙනෙක් කතාකරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටත් කන කොකා හඬලන එක වැඩි ඈතක නෙමෙයි. ඒවට ලෝකේ අළුතින් ඇතිවෙලා තියෙන බහුජාතික ටෙක් බේස්ඩ් කොම්පැනි එක්ක තරඟ කරන්න බැරිවෙනවා.

ලංකාවේ දැනටම වෙන දේවල් උදාහරණෙට ගත්තොත් බැංකුවල ඉන්න කැෂියර්ලා අරගෙන බලන්න සල්ලි අරගන්න විතරක් නෙමෙයි මේ වෙද්දි සල්ලි තැන්පත් කරන්නත් පුළුවන් ටෙලර් යන්ත්‍ර ඇවිත්. දැනට ගන්න පුළුවන් මුදල් ප්‍රමානෙට සීමා දාලා තියෙනවා වුනත් ඒක සීමාවක් නෙමෙයි. ඇත්තටම ලංකාවේ තියෙන බැංකු ඔක්කොටම පුළුවන් කැෂියර්ලව අයින් කරලා දාන්න.

මේ වෙද්දී ඔටෝමේටඩ් රීලෝඩ් මැෂින් ඇවිල්ලා තියෙනවා. දැනට ඒවා තියෙන්නේ කොළඹ අවට තැන් කිහිපෙක වුනත් වැඩි කාලයක් යන්න කලින් ලංකාව පුරාම ඒවා දකින්න පුළුවන් වෙයි. ඒක නිසා හන්දියේ කමියුනිකේෂන් එකක් දාගෙන රීලෝඩ් විකුනපු අයියට කෙලින්ම බඩේපාර වදිනවා.

ප්‍රොෆෙෂනල්ලත් මේ ප්‍රශ්නෙදි අසරන වෙන්න නියමිතව තියෙනවා. දැනටමත් දොස්තරලා වෙනුවට සිම්ටම්ස් වලට බෙහෙත් නියම කරන්න පුළුවන් AI පරීක්ෂණ මට්ටමේ පවතිනවා වැඩිය දුරක නෙමෙයි ලංකාව ඇතුලෙම එහෙම ඒවා නිශ්පාදනය වෙමින් තියෙනවා.

ඒ වගේම මේ වෙද්දී එංගලන්තය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය විතරක් නෙමෙයි ඉන්දියාව වගේ රටවල් වලත් මේ කියන කන්සෙප්ට් එක ගැන රීසර්ච් කරනවා කරලා තියෙනවා.

කොහොමින් කොහාමහරි අපි කැමති වුනත් නැති වුනත් පවතින සිස්ටම් එක පවත්වාගෙන යන්න ඕන නම් තව අවුරුදු 20-30ක් ඇතුළත මේ කියන දේ ලෝකේ පුරාම ස්ථාපිත වෙන එක අනිවාර්යය වෙනවා.


Tuesday, November 7, 2017

මොකක්ද මේ ඉස්ලාමික බැංකු ක්‍රමය කියන්නේ


හැටන් නැෂනල් බැංකුව ඉස්ලාමික් බෑන්කින් ශාඛාවක් විවෘත කරපු එක ගැන ගොඩ දෙනෙක් කතා කරනවා පේනවා. ගොඩක් දෙනෙක් ඒකට විරුද්ධ බව තමයි පේන්න තියෙන්නේ. ඒ ගැන කියලා තියෙන කතා දිහා බලද්දී පේන දෙයක් තමයි ගොඩ දෙනෙක් ඉස්ලාමික කියන නම නිසාම මේකට විරුද්ධ වුනාට ඇත්තටම ඉස්ලාමික බැංකු ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක ගැන පුංචි අදහසක්වත් නැහැ කියන එක.

ඇත්තටම මොකක්ද මේ ඉස්ලාමික් බෑන්කින් කියන්නේ?

කෙටියෙන් කිව්වොත් ඉස්ලාමික් බෑන්කින් කියන්නේ පොලී රහිත බැංකු ක්‍රමයක්. ඉස්ලාම් ආගමට අනුව මුදල්වලට පොලී අයකිරීම තහනම්. බැංකු වලදී ණයට දෙනකොට වගේම තැන්පතු වලට ගෙවන්නේ පොලියක් නිසා ඉස්ලාම් භක්තිකයෙකුට බැංකුවක මුදල් තැන්පත් කිරීම වගේම ණය ගැනීම කරන්න බැහැ. මේ කියන හේතුව නිසා ඇතිවෙච්ච බැංකු ක්‍රමයක් තමයි ඉස්ලාමික බැංකු ක්‍රමය.

දැන් කල්පනා කරන්න පුළුවනි අපි ප්‍රධාන වශයෙන් බැංකුවේ සල්ලි දාන්නේ පොලියක් ලැබෙන නිසා ඒ වගේම මුදලේ අගය උද්ධමනයත් එක්ක ක්‍රමාණුකූලව අඩුවෙනවා. ඇයි එතකොට මිනිස්සු සාමාන්‍ය බැංකුවක නැතුව ඉස්ලාමික බැංකුවක මුදල් තැන්පත් කරන්නේ?

ඉස්ලාමික බැංකු තමුන්ගේ තැන්පත් කරුවන්ට පොලියක් ගෙවන්නේ නැති වුනාට ඔවුන් තැන්පත් කරුවන්ට ඔවුන්ගේ තැන්පතු වලට ලාභාංශයක් ගෙවනවා.

හරි ඒක එහෙම කියමු එතකොට කොහොමද ඉස්ලාමික බැංකුවක් ණය දෙන්නේ?

ඒක වෙන්නේ මෙහෙමයි. උදාහරණයකින් පැහැදිළි කළොත්, අපි ගෙයක් ගන්න ණයක් ගන්නවා කියලා හිතමු. එතකොට ඒ ගෙයි සම්පූර්ණ අයිතිය තියෙන්නේ බැංකුවට, හැබැයි ඔබ ඒ ගේ පාවිච්චි කරනවා ඒ අනුව බැංකුවට කුලියක් ගෙවන්න සිද්ධවෙනවා කුලියට අමතරව ගෙදර වටිනාකමෙන් කොටසකුත් බැංකුවට ගෙවෙනවා. මේ ක්‍රමය ඇතුලේ නිවසේ බැංකුවට තියෙන අයිතිවාසිකම ක්‍රමාණුකූලව අඩුවෙනවා වගේම ඔබ නිවස භාවිතා කරනවට ගෙවියයුතු මුදලත් ක්‍රමාණුකූලව අඩුවෙනවා.

මීට අමතරව ඉස්ලාමික බැංකු විටිනා ලෝහ ගණුදෙණු, ආයෝජන, දේපළ වෙළඳාම් වගේ ක්‍රම හරහා ලාභ උපයනවා. ඒ වගේම මෙතනදී පාඩුවක් වුනොත් ඒ පාඩුවත් සියළු දෙනා අතරේ බෙදිලා යනවා.

එහෙම වුනත් ඉස්ලාමික බැංකුවකට හැම ක්ෂේස්ත්‍රයකම ආයෝජනය කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. මත්පැන්, දුම්කොළ, ආයුධ, සූදු වගේ ආගමෙන් තහනම් කරලා තියෙන ක්ෂේස්ත්‍රවල ආයෝජනය කරන්න ඉස්ලාමික බැංකුවකට හැකියාවක් නැහැ.

සෑම තැන්පතුවකින්ම 2.5%ක ප්‍රමාණයක් වාර්ශිකව පුන්‍ය කටයුතු වලට ලබාදෙන්න බැංකුව කටයුතු කරනවා.

ඒ වගේම මේ බැංකු හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඉස්ලාමීය

ඉස්ලාමික බැංකු ක්‍රමය ජනප්‍රිය වෙන්නේ 2007—2008 ඇතිවෙන ලෝක ආර්ථික අවපාතයත් නිසා සාමාන්‍ය බැංකුවලට වූ බලපෑමට වඩා අඩු බලපෑමක් ඉස්ලාමික බැංකු වලට සිදුවීම නිසා. ඒකට හේතුව අර කලින් කියපු විදියට ලාභාංශ බෙදනවා වගේම පාඩුවක් සිදුවූ අවස්ථාවකදී ඒ පාඩුවත් සියළු දෙනා අතරේ බෙදී යන එක සහ සාමාන්‍ය බැංකු ක්‍රමය පොලිය එහෙමත් නැත්නම් මුදල් නිශ්පාදනය මත පදනම් වෙලා තිබීමත් ඉස්ලාමික බැංකු ක්‍රමය සම්පත් නිශ්පාදනය මත පදනම්වෙලා තිබීමත්. මේ දෙක ගැන විස්තර කරන එක ටිකක් දිග කතාවක් ඒක බොහොම කෙටියෙන් කියනවා නම්. සාමාන්‍ය බැංකුවකට පුළුවනි කිසිම භාණ්ඩයක් හෝ සේවාවක් නිශ්පාදනය කරන්නේ නැතිව පොලිය හරහා වත්කම් නිශ්පාදනය කරන්න හැබැයි ඉස්ලාමීය බැංකුවකට වත්කම් නිශ්පාදනය කරන්න පුළුවන් යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිශ්පාදනය කිරීම තුලින් විතරයි.

Sunday, July 30, 2017

ත්‍රිකුණාමලේ තෙල්ටැංකි, ලෝකයේ බලශකිති ප්‍රවනතා සහ අපි

පහුගිය සතියේ ලංකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුනේ ත්‍රිකුණාමාළයේ පවතින තෙල් ගබඩා සංකීර්ණය ඉන්දියාවට බදුදීම. මේ කියන තෙල් ගබඩාකිරීමේ සංකීර්ණය ඉදිවෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළ. 1924 දී ඉදිකිරීම් ආරම්භකරන මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 1930 දශකයේ අවසන් භාගය වෙද්දී අවසන් වෙනවා. බ්‍රිතාන්‍යයේ බලාපොරොත්තුව වෙන්නේ ත්‍රිකුණාමල වරාය පළවෙනි ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යයේ නැගෙනහිර යටත්විජිත ප්‍රදේශ තුළ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානය බවට පත්කිරීම.



ආරම්භයේදී ටැංකි 101කින් සමන්විතවෙලා තිබුන මේ සංකීර්ණයේ තිබුණ ටැංකි වලින් එකක් දෙවන ලෝකයුද්ධ සමයේ ජපන් ප්‍රහාරවලිනුත් තවත් එකක් 60 දශකයේ සිදුවූ ගුවන්යානා අනතුරකිනුත් විනාශයට විනාශයට පත්ව තිබේ. මේ වන විට ගබඩා සංකීර්ණයතුළ පවතින ටැංකි වලින් 15ක් භාවිතයට ගන්නා අතර ඉතිරිය භාවිතයට ගැනීමට ප්‍රථම ප්‍රතිසංස්කරණය කළයුතුව ඇත. මින් එක් ටැංකියක ධාරිතාවය ආසන්නවශයෙන් බැරල් 77,000 ක් වේ. ඒ අනුව මෙම සංකීර්ණය සම්පූර්ණයෙන් පිළිසකරකළහොත් ඒ තුළ ගබඩාකළහැකි ඛනිජතෙල් ප්‍රමාණය බැරල් 7,623,000කි.

පහුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් පරිභෝජනය ශ්‍රීග්‍රෙයන් ඉහලයමින් පවතින නමුත් U.S. Energy Information Administration විසින් ඉදිරිපත්කර ඇති සංඛයාලේඛන වලට අනුව වැඩිම පරිභෝජනයක් පෙන්වන 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ඛනිජතෙල් පරිභෝජනය බැරල් 38,880,000ක් වේ. ඒ අනුව මේ ටැංකි 99 තුළ පමණක් ශ්‍රී ලංකාවට දින 71ක කාලයක් සඳහා අවශ්‍යකරන ඉන්ධන ගබඩාකර තබාගැනීමේ හැකියාවක් පවතී.

ඔෑනෑම රටක් හදිසි අවශ්‍යතාවයන් සඳහා යම් ඛනිජතෙල් සංචිතයක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය කරුණක් බව අමුතුවෙන් කිවයුතු නැති නමුත් එසේ පවත්වාගෙන යාමට හැකි සංචිතවල ප්‍රමාණය එම රටේ ආර්ථිකයට දරාගැනීමට හැකි ප්‍රමාණයේ එකක් වියයුතුය. දැනට ශ්‍රී ලංකාව සතු ඛනිජතෙල් ගබඩාකිරීමේ හැකියාව ප්‍රමාණවත් වන්නේ දින 45ක් සඳහා පමණි. යුරෝපා සංගමය සහ අන්තර්ජාතික බලශක්ති නියෝජිතායතනය තම සාමාජික රටවලට හදිසි අවශ්‍යතාවයකදි ප්‍රයෝජනය ගැනීම සඳහා පවත්වාගෙන යත යුතු යැයි නිර්දේශ කර ඇති ඛනිජතෙල් සංචිත ප්‍රමාණය වන්නේ දින 90ක කාලයක් සඳහා සෑහෙන ප්‍රමාණයකි.

කෙසේ වෙතත් මේ සංඛ්‍යාෙල්ඛන අනුව පැහැදිළිවෙන කරුණ වන්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණය භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් හෝ හැකියාවක් මේ දක්වා ශ්‍රී ලංකාවට නොමැති බවත් ඒ වගේම නුදුරු අනාගතයේ එවැනි අවශ්‍යතාවයක් ඇති නොවන බවත්.

එමෙන්ම මෙම සංකීර්ණයේ පවතින ටැංකි වලින් දැනට භාවිතාවන ටැංකි 15 හැරුණුවිට ඉතිරිය දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට නොගැනීම සහ නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් නැවත ප්‍රතිසංස්කරණය කිරීමකින් තොරව භාවිතයට ගැනීමට නොහැකි තත්වයක පවතී.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු පවසන තවත් කරුණක් වන්නේ ඉන්දියාවට මේ සංකීර්ණය බදු ගැනීම තුලින් ලාභ ඉපැයීමට හැකියාවක් පවතිනවා නම් ශ්‍රී ලංකාවට එසේ කළ නොහැකි වන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි. මෙම තෙල් ටැංකි නැවත පිලි සකර කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේ දී එවැනි පිරිවැයක් දැරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුද යන්න පිළිබඳවත් එමෙන්ම ඒ මුදල වියදම් කළහැකි වඩාත්ම ඵලදායී ක්‍රියාව එයද යන්නත් පිළිබඳව අවධානය යොමුකළයුතුයි. එමෙන්ම නැවත නවීකරණය කිරීමෙන් අනතුරුව ඒ හරහා ආදායම් ඉපැයීමට සහ අවශ්‍ය වෙළඳපොලක් සොයාගැනීමට හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පවතිනවාද යන්න කෙරෙහිත් අවධානය යොමුකළයුතුව ඇත.

දැනට මේ ආකාරයට තෙල් පිරිපහදුකර නැවත බෙදාහරින සිංගප්පූරුව මේ වනවිට මෙම ක්සේස්ත්‍රය තුළ දැඩි ස්ථාවරත්වයක් හිමිකරගෙන සිටීම තුළ ශ්‍රී ලංකාව වැනි රටකට එම වෙළඳපොල අත්පත්කරගැනීමට ඇති හැකියාව ඉතාම සුළු බව කිවයුතුව ඇත. ශ්‍රී ලංකාව සමඟ සංසන්ධනය කිරීමේදී තත්වය එසේ වුවත් ඉන්දියාව හා සම්බන්ධයෙන් මෙම තත්වය මීට වැඩිය හාත්පසින්ම වෙනස් ආකාරයක් ගනී. ලෝකයේ දෙවැනියට විශාලතම ජනගහනයට හා තෙවැනියට විශාලතම දළ දේශීය නිශ්පාදනයට (ක්‍රය ශක්ති සාමාණ්‍ය අනුව) හිමිකම් කියන ඉන්දියාවට සිංගප්පූරුවත් සමඟ තරඟ කිරීමේ හැකියාවක් පවතිනවා මෙන්ම ඉන්දියාවේ දේශීය වෙළඳපොළ තුළම මේ ක්‍රියාවලිය සඳහා විශාල ඉඩකඩක් පවතී.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත්වන තවත් තර්කයක් වන්නේ මේ ගණුදෙනුව හරහා ශ්‍රී ලංකාව තුළ තෙල් ගබඩාකරගැනීමේ ඒකාධිකාරිය ඉන්දියාව අතට පත්වන බවයි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාව තුල තෙල් ගබඩාකිරීම සඳහා භාවිතා වන්නේ මේවායින් ටැංකි 15ක් පමණක් වන අතර දැනට අනෙකුත් ප්‍රදේශවල පවතින පහසුකම් පවත්වාගෙන යාම සහ අවැසිනම් ඒවා වැඩිදියුනු කිරීමට හෝ පුළුල් කිරීමට මේ බදුදීම තුළින් බාධාවක් ඇති නොවේ. මෙය හුදෙක් අප විසින් භාවිතා නොකරන, එමෙන්ම නුදුරු අනාගතය තුළ භාවිතා කිරීමට අවශ්‍යතාවක් ඇති නොවන තෙල් ගබඩාකිරීමේ පහසුකමක් බදුදීමක් හැර අන් කිසිත් නොවේ.

ත්‍රිකුණාමලය තෙල් ගබඩාකිරීමේ සංකීර්ණය සම්බන්ධයෙන් මේ මොහොත වනවිට අපි සතුව පවතින තොරාගැනීම් දෙක බවට පත්වී ඇත්තේ දැනට පවතින වෙළඳපොළ තුළ ඇති තරඟයට මුහුණදීමට හැකි ආයතනයකට/රටකට මේ සංකීර්ණය බදුදීම හෝ එසේ නොමැතිනම් එය මෙතෙක් කළක් සිදුකළ ආකාරයටම නැවත වනයට අතහැර දැමීම වේ.

එමෙන්ම මේ සම්බන්ධව ඇති තවත් සාධකයක් වන්නේ මේ වනවිට ඇතිවෙමින් පවතින පාරිසරික ගැටළු හේතුවෙන් ඛනිජතෙල් භාවිතය සීමාකිරීම සඳහා ලෝකය පුරාවටම ඇතිවෙමින් පවතින නව ප්‍රවනතාවයයි. මේ ප්‍රවාහනය, විදුලිබලය නිපදවීම මෙන්ම කර්මාන්ත සඳහා ඛනිජතෙල් වෙනුවට සුළං, සූර්ය බලය, ජලවිදුලිය ඇතුලු අනෙකුත් පුනර්ජනනීය බලශක්තීන් යොදාගැනීම සම්බන්ධයෙන් විශාල පිබිදීමක් ලෝකය පුරාවටම ඇතිවෙමින් පවතින යුගයකි. ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, පමණක් නොව තෙල් නිශ්පාදනයේ දැවැන්තයින්වන කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉරානය ආදී රටවල් පවා මේ වනවිට සූර්ය ශක්තිය මඟින් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර අවසන්. එමෙන්ම මේ වනවිට ලෝකයේ බලශකිත් පරිභෝජනයේ ප්‍රමුඛයන් වන ඇමෙරිකාව, චීනය සහ ඉන්දියාව මහා පරිමාණයේ සූර්ය ගොවිපළවල් සහ සුළන් ගොවිපළවල් ආරම්භකිරීමට මූලික පියවරගෙන අවසන්. ඇමෙරිකා එක්සත් ජනපදයේ Sandstone Energy 10X සහ චීනයේ Ordos මේ ආකාරයෙන් ඉදිකිරීමට යෝජිත සූර්ය බලාගාරවල ධාරිතාවය මෙගාවොට් 2,000ක් වන අතර දැනට ඉදිකිරීමට යෝජනාවී ඇති විශාලතම සුළං බලයෙන් ක්‍රියාත්මකවන විදුලි බලාගාර වන ඇමෙරිකා එක්සත් ජනපදයේ Titan Wind Project සහ ස්වීඩනයේ Markbygden Wind Farm වල ධාරිතාව පිලිවෙලින් මෙගාවොට් 5,000 සහ 4,000 වේ. SolarPower Europe Association ප්‍රකාශකරන ආකාරයට පසුගිය වසරතුළ පමණක් (2016) ලෝකයේ සූර්ය ශක්තියෙන් විදුලිය නිශ්පාදනය 50%කින් වර්ධණය වී තිබේ. එමෙන්ම ජලවිදුලිය සුළං බලය සහ භූ උෂ්නත්වය හරහා විදුලිය නිපදවීමේ ප්‍රමාණයද ලෝකය පුරාවට ශ්‍රීග්‍රලෙස වර්ධණයවෙමින් පවතී. ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති ඒජන්සියට අනුව පසුගිය වසර තුළ පමණක් ලෝකය තුළ පුනර්ජනනීය බලශක්ති මඟින් විදුලිය නිපදවීම ගිගා වොට් 161කින් වර්ධනය වී තිබේ.







මීට අමතරව ඛනිජතෙල් භාවිතාවන ප්‍රධනතම ක්ෂේස්ත්‍රයවන මොටර්රථ ක්ෂේස්ත්‍රය තුළත් විද්‍යුත් මොටර්රථ ශ්‍රීග්‍ර දියුණුවක් ලබමින් තිබෙනබවත් අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. පසුගිය වසරතුල පමණක් ලෝකය පුරාවට අළෙවිකරන ලද විද්‍යුත් මොටර්රථ ප්‍රමාණය 750,000කට අධිකවේ. මෙය සමස්ථ මොටර්රථ අළෙවිකරණයෙන් 1%ක් පමණ වන නමුත් වසර 6ක් වැනි සුළු කාළයක් තුළ සමස්ථ මෝටර්රථ අළෙවිකරණයෙන් 1%ක ප්‍රමාණයක් අත්පත්කරගැනීමට සමත්වීම විශාල වර්ධණයකි. 2015 වසරේදී ලෝකයේ ප්‍රධානතම විද්‍යුත් මෝටර්රථ නිශ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉයොන් මස්ක් විසින් ඔවුන් සතු සියළු පේටන්ට් බලපත්‍රවල අයිතිය නිදහස් කිරීමත් මෙම ක්ෂේස්ත්‍රෙය් දියුණුව කඩිනම් වීමට බලපාන ලදී. එමෙන්ම දහවල් කාලයේ දී සූර්යශක්තිය මඟින් නිපදවන විදුලිය වඩාත් කාර්යක්ෂමලෙස ගබඩාකරගැනීමට හැකියාව ටෙස්ලා පවර්වෝල් (Tesla Powerwall) නැමැති බැටරි පද්දතියක් නිර්මාණය කිරීමට ඔහු සමත්ව ඇති අතර ඊට අමතරව ඔහු විසින් නිර්මාණය කරනලද තවත් සමාගමක්වන සෝලාර්සිටි සමාගම විසින් ගෘහාශ්‍රිතව නිපදවන විදුලිය වඩාත් කාර්යක්ෂමව සහා ආරක්ෂාකාරීලෙස ප්‍රධාන විදුලි ධාරාවට (Main Electrical Grid) එකතු කිරීම සම්බන්ධයෙන් අත්හදාබැලීම් රාශියක් සිදුකරමින් සිටී. තවද සෙවිලි තහඩු ආකාරයෙන් නිර්මාණයකර ඇති සෝලාර් රූෆ් නැමැති වඩාත් කාර්යක්ෂම (22%-24% ක කාර්යක්ෂමතාවයකින් යුතු) සූර්යකෝෂ නිර්මාණය කිරීමට සමත්ව තිබේ.







සම්පූර්ණයෙන්ම ඉන්ධන මත යැපෙන නාවික ප්‍රවාහන ක්ෂේස්ත්‍රය තුල පවා ඛනිජතෙල් භාවිතයෙන් ඉවත් වී විකල්ප බලශක්තියක් වශයෙන් පරමාණුක බලශක්තිය යොදාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවෙමින් පවතී. මීට අමතරව මෙම ක්සේස්ත්‍රය තුළ වඩාත් කාර්යක්ෂම සහ අඩු ඉන්ධන පිරිවැයකින් යුතු ඇන්ජින් නිශ්පාදනය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුවෙමින් පවතී.

නමුත් මේ සම්බන්ධයෙන් අශුභවාදීව දකින බොහොමයක් දෙනෙකුගේ අදහස වන්නේ මේ කියන වෙනස්කම් නුදුරු අනාගතය තුළ සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත බවයි. නමුත් පසුගිය දශක දෙක තුන තුළ ලෝකයේ සිදුවූ වෙනස්කම් දෙස බැලීමේදී මේ වෙනස්කම් සිදුවීමට එතරම් කාලයක් ගත නොවනු ඇති බව වටහාගැනීම එතරම් අපහසු කරුණක් නොවේ.

කෙසේ වෙතත් කරුණු කාරනා සියල්ල දෙස බැලීමේ දී මේ වනවිට ලෝකයේ අත්‍යවශ්‍යම භාණ්ඩය බවට පත්ව ඇති ෆොසිල ඉන්ධන එම ස්ථානයෙන් ඉවත්වීමට එතරම් කාලයක් ගත නොවනු ඇති බවත්, එවැනි තත්වයක් යටතේ මෙම තෙල් ගබඩාකිරීමේ සංකීර්ණයට වර්ථමානයේ පවතින වැදගත්කම අහෝසිවීයනු ඇති බවත් පැහැදිළිව පෙනෙන්නට තිබේ.

Tuesday, February 21, 2017

මුස්ලිම් කාන්තාවන්ට සමාන මිනිසුන් ලෙස සැළකුම් ලැබීමට ඇති අයිතිය අහිමි කරන මුස්ල්ම් විවාහ සහ දික්කසාද පනත






ශ්‍රී-ලංකාවේ සාමාන්‍ය නීතිය සහ උඩරට නීතිය යටතේ විවාහ වීමේ අවම වයස අවුරුදු 18ක් වන නමුත් මුස්ලිම් නීතියට අනුව එය එසේ නොවේ. 1951 දී සම්මත කරන ලද මුස්ලිම් විව්වාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් කාන්තාවක් විවාහ කරගැනීමට හැකි අවම වයස අවුරුදු 12කි. එමෙන්ම යම් හෙයකින් දැරිය වයස අවුරුදු 12ට අඩු නම් ක්වාසිවරයා වෙත පෙර දැනුම් දීමකින් සහ අනුමැතිය ලබාගැනීමකින් අනතුරුව විවාහ කරගැනීමට මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අවස්ථාව ලබා දී තිබේ.

එමෙන්ම සාමාන්‍ය විවාහයක දී ඒ සඳහා අනුමැතිය ලබාදීමේ නෛතික බලය පවතින්නේ විවාහ වන කාන්තාව සතුව වන නමුත් මුස්ලිම් විවාහ නීතිය යටතේ සිදුකරන විවාහයක දී විවාහය සඳහා අනුමැතිය දීමට විවාහ වන කාන්තාවට හැකියාවක් නැත. එම අනුමැතිය ලබාදීමේ බලය හිමිවන්නේ එම කාන්තාවගේ පියාට හෝ භාරකරු හටයි. විවාහ වන කාන්තාව ක්වාසි හට තමාගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතුය.

ශ්‍රී ලංකාව තුළ ළමා විවාහ සිදුවීම ඉතාම අවම මට්ටමක බවතින බව බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන නමුත් සත්‍ය වශයෙන්ම මුස්ලිම් නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවක් විවාහ දිවියට පත්වීමේ වයසේ සාමාන්‍ය අවුරුදු 14-17 ත් අතර වේ. කොළඹ නගරය තුළ පවා මුස්ලිම් නීතිය යටතේ විවාහ වීමේ වයසේ සාමාන්‍ය 15-17 ත් අතර වේ.

ගැටලුව පවතින්නේ වයස අවුරුදු 14ක දැරියකට එවැනි බැරෑරුම් තීරණයක් ගැනීමට හැකියාවක් පවතිනවාද යන්න සම්බන්දයෙනි. ඉතාමත් ගතානුගතික පීතෘමූලික සමාජයක් වන මුස්ලිම් සමාජය තුළ පමණක් නොවේ අනෙකුත් ශ්‍රී ලාංකික සමාජය තුළ ඇති සමාජ සංසකෘතියට අනුව විවාහය යනු ඉතාමත් බරපතළ තීරණයකි. බොහෝ විට මේ ආකාරයේ ළමා විවාහ සිදුවන හේතු දෙකකි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුන්ගේ පවුල් සංස්ථාව තුළ පවතින දැඩි සංස්කෘතික පසුබිම හේතුවෙනුත් ඉතිරිය ආර්ථික දුෂ්කරතා, රැකවරණය සහ ආරක්ෂාව අපේක්ෂාවෙනුත් මෙලෙස අඩු වයසින් විවාහ දිවියට ඇතුළු වෙති. මෙවැනි පසුබිමක් යටතේ තමුන්ගේ දෙමවුපියන් විසින් සිදුකරන යෝජනාවකට එකඟ නොවීම දැරියකට පහසු කටයුත්තක් නොවේ. ප්‍රායෝගික තත්ව යටතේ දී මේ ආකාරයෙන් සිදුවන ළමා විවාහ වලින් සඳහා විවාහ වන දැරියගේ අනුමැතියක් අවශ්‍යවන්නේ නැත. යම් හෙයකින් මෙසේ යම් කිසි දැරියක් ඇයගේ අනුමැතියකින් තොරව විවාහය දිවියට ඇතුළත් කරගත් බවට චෝදනා ඔප්පු කළ ද ඒ සඳහා නයම කළහැකි දඬුවම වන්නේ රු. 100කට නොවැඩි දඩයක් හෝ මාස 6කට නොවැඩි සිරදඬුවමක් හෝ මේ දෙකම හෝ වේ. එමෙන්ම ගාතානුගතික අදහස් වලින් පිරි පිරිමින්ගෙන් පමනක් සමන්විත සහ අර්ධ අධිකරණමය ආයතනයක් වන ක්වාසි අධිකරණයක් දැරියගේ දෘෂ්ඨි කෝනයෙන් මෙවැනි ගැටළුවක් දෙස බලනු ඇතැයි සිතීමට නොහැක.

මෙසේ අඩු වයසින් විවාහ ජීවිතයට පත්වීම තුළන් පැන නඟින ගැටළු විශාල ප්‍රමාණයකි. මේ ආකාරයෙන් අඩුවයසින් විවාහ දිවියට පත්වන දැරියන් බහුතරයකගේ අධ්‍යාපන කටයුතු ඒත් සමඟ ඇනහිටින අතර හිෂීමා හමීන් සහ හසානා ඉසඩින් විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය යටතේ සිදුවන ළමා වීවාහ සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ මේ ආකාරයට අඩු වයසින් විවාහ දිවියට පත්වන බහුතරයක් දැරියන්ගේ අධ්‍යාපන මට්ටම 5වන ශ්‍රේණියට පමණක් සීමා වී ඇති බවයි. එමෙන්ම මේ ආකාරයෙන් සැමියා සහ බිරිඳ අතර අනයෝන්‍ය අවබෝධයකින් තොරව සිදුවන විවාහ අති බහුතරයක් ගැටුම් කාරී ඒවා වන අතර ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමට නොහැකියාව සහ ගෙදර දොර වැඩකටයුතු සිදුකිරීමට ඇති නොහැකියාව පදනම් කරගනිමින් සැමියා විසින් දික් කසාදය සඳහා ඇයැදුම් කිරීම සුලභ තත්වයකි. නිසි අධ්‍යාපනයක් නොලැබූ දැඩි සංස්කෘතික පසුබිමක් යටතේ ජීවත් වූ කාන්තාවකට සැමියාගෙන් ඉවත් වී තනිවම සිය ජීවිකාව පවත්වාගෙන යාම පහසු කරුණක් නොවේ. පවතින අඩු අධ්‍යාපන මට්ටම හේතුවෙන් බොහෝ විට මෙවැනි කාන්තාවකට නිසි රැකියාවක් සොයාගැනීමට අපහසු වනවා මෙන්ම එම කාන්තාවන් මුස්ලිම් සමාජය තුළ කොන්වීමකට ද ලක්වේ. මේ හේතූන් නිසා මේ ආකාරයට දික් කසාද වන කාන්තාවන් මුහුණදෙන්නේ අතිශය සෝචනීය තත්වයකටයි. තමාට තමාව නඩුත්තු කරගැනීමට නොහැකි වීමත්, ස්වාධීන දිවි පෙවතකට හුරු නොවී සිටීමත් නිසා බොහොමයක් කාන්තාවන් සියළු දුක් කම්කටොළු විඳගෙන සැමියා සමඟ ජීවත් වීමට තීරණය කරති.

තවද වයස අවුරුදු 16කට අඩු දැරියක් සමඟ ඇයගේ කැමැත්ත ඇතිව වුවද ලිංගිකව එක්වීම දණ්ඩනීති සංග්‍රහයේ 363 ඊ වගන්තියට අනුව වරදක් ලෙස ප්‍රකාශ කර ඇති නමුත් 1995 වසරේ සිදුකරන ලද සංඝෝධනය හරහා එම දැරිය වසය අවුරුදු 12ට වැඩිනම්, අදාල පුද්ගලයාගේ නෛතික භාර්යාව නම් සහ අදාල පුද්ගලයාගෙන් නීත්‍යානුකූලව වෙන්වී නොමැති නම් ඇයත් සමඟ ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස නොසැළකෙන බවට නව අර්ථ කථනයක් ලබාදී තිබේ. මේ අනුව යම් කිසි පුද්ගලයෙකු වයස අවුරුදු 12ක දැරියක් මුස්ලිම් විවාහ නීතියට අනුව සරනපාවා ගතහොත් ඇයත් සමඟ ලිංගිකව එකතු වීම සඳහා නෛතිකව බාධාවක් නොමැති වන තැනට කරුණු සැළසී තිබේ.

පවතින මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මේ ආකාරයේ සාමාජීය ගැටළු ගණනාවක් ඇතිකරන පනතක් බවට පත්ව ඇති නමුත් ආගමික හා සංස්කෘතික බලපෑම හේතුවෙන් එය වර්ථමානයට වඩාත් උචිත ලෙස සංශෝධනය කිරීමේ වගකීමෙන් මෙතෙක් බලයේ සිටි සියළුම දේශපාලඥයින් කත් අරිමින් සිටිති.

Illustration: Child Marriage by Asuf Hanuka

Monday, November 7, 2016

රාජ්‍ය පාලන ඕමි පිටියේ තුරුම්පු තවදුරටත් රණවිරුවා නොවේ. අද අප දුටුවේ ඒ යථාර්ථයයි.




යුද්ධය යනු කිසිඳු අවස්ථාවක සාමාන්‍ය ජනතාව සතු ප්‍රශ්න විසඳීම සඳහා යොදාගන්නා ක්‍රියාමාර්ගයක් නොවේ. යුද්ධය සෑම විටකම පාලක පන්තිය සිය තමුන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා භාවිතා කරන ලද මෙවලමකි. ඊලාම් මෙහෙයුම, වෙනම රාජ්‍යක් ලබාගැනීමේ සටන, නිජභූමිය ආරක්ෂා කිරීමේ අරගලය, රට බේරාගැනීම, මානුශීය මෙහෙයුම, ජාතිය බේරාගැනීමේ මෙහෙයුම යනුවෙන් මොන ටොපි කොළයේ එතුවත් ඒ තුළින් සැමදා බැටකන්නේත් දුක් විඳින්නේත් සාමාන්‍ය ජනතාව මිස අන් කිසිවෙකුත් නොවේ. මින් කුමන පාර්ශවයක් ජයග්‍රහණය කලද ඒ ජයග්‍රහනය තුළින් යුද්ධය නිසා ඇතිවූ ගැටළු වලට විසඳුමක් ලැබෙනවා මිස කිසිඳු අවස්ථාවක යුද්ධයට පෙර පැවැති ඒ සඳහා හේතු වූ ගැටළු වලට විසඳුමක් ලබාදීමක් සිදු නොවේ. ශ්‍රී-ලංකාව තුළ වර්ථමානය තුළ පවතින තත්වයේ ද ඊට වඩා කිසිඳු වෙනසක් නැත.

මේ ඒ ගැන කතාකරන්නට අවස්ථාව නොවේ. යුද්ධය සඳහා සටන් බිමට පිවිසෙන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් වන අතර උතුරේ වුවත් දකුණේ වුවත් ඒ සම්බන්ධයෙන් වෙනසක් ඇති බවක් නොපෙනේ. උතුරේ මෙම ගැටළුවට පන පෙවූ වෙල්වනායගම්ලාගේ, ප්‍රභාකරන්ලාගේ පුතුන් අවසානය දක්වාම යුද්ධ පෙරමුණට පැමිණියේ නැත. දකුනේද මෙම ගැටළුව ආරම්භ කළ බණ්ඩාරනායකලාගේ ගේ හෝ රාජපක්ෂලාගේ හෝ වෙනයම් නායකයෙකුගේ දරුවන් සටන් බිමට පැමිණියේ නැත. සටන් කරනවා වෙනුවට උන් කළේ තමුන්ට ලැබුන වරප්‍රසාද හරහා සාමාන්‍ය ජනතාව තවදුරටත් පාගා ගෙන සිටීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම පමණකි. ඒ වෙනුවට උතුරේත් දකුනේත් ගලා ගියේ සාමාන්‍ය අම්මලාගේ තාත්තලාගේ දරුවන්ගේ රුධිරයයි.

උතුරේ වේවා දකුනේ වේවා සාමාන්‍ය මිනිසාගේ දරුවා යුද්ධය වෙනුවෙන් පාවිච්චි වුනේය. අත් පා නැතිකර ගත්තෝය සමහරෙකු ජීවිතයෙන් වන්දි ගෙව්වෝය. පාලකයෝද මේ සාමාන්‍ය ජනතාවගේ පුතුන් රට ජාතිය වෙනුවෙන් දිවි පිදුවන් ලෙස වර්ණනා කරමින්, විරු දින පවත්වමින් තමාගේ යුද්ධය ගෙනයාමට අවැසි සොල්දාදුවන් තව තවත් බඳවා ගැනීමට කටයුතු කළහ. එදා පාලකයාට සිය බලය ආරක්ෂා කරගැනීම සඳහා සොල්දාදුවා වැදගත් විය. එම නිසා ඔහුට හොඳින් සැළකීමටත්, අවශ්‍ය පහසුකම් ලබා දීමටත් කළ හැකි සියල්ල සිදු කළේය. අද වන විට යුද්ධය අවසන්ව ඇත. පාලයාට තමාගේ බලය ආරක්සා කරගැනීම සඳහා තවදුරටත් සොල්දාදුවා අවශය නැත. එම නිසා ඔහුට හොඳින් සැළකීම හෝ අවශය පහසුකම් ලබාදීම හෝ වර්ණනා කිරීම තවදුරටත් අවශය නොවන නැනට කරුණු යෙදී තිබේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි පවසන සිවිල් සංවිධාන මේ මොහොතේ දී සොල්දාදුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ මේ මොහොතේ රණවිරුවන් විකිණිමට ඉතා පහසු නිසා මිස අන් කිසිත් නිසා නොවේ. යුද්ධය නිමා වී වසර 8 ගතවී ඇති අතර ඉන් වසර 6ක් රටේ පාලනය ගෙන ගියේ අද මේ සෙබලුන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි පවසන කණ්ඩායමේ හිතේෂීන් වන නමුත් ඒ වසර 6 තුළ දී මෙම ගැටළුව නිරාකරණය නොකිරීම සම්බන්ධයෙන් කිසිඳු හඬක් නැගීමට මෙම පිරිස කටයුතු කළේ නැත. ඇත්ත වශයෙන්ම මෙවැනි ගැටළුවක් විසඳාගැනීමට අවශ්‍ය පසු බිම සැළසීමේ කිසිඳු අවශ්‍යතාවයක් ද මෙම සිවිල් සංවිධාන වලට නැත. එසේ වන්නේ තමාගේ පැවැත්ම පවතින්නේ මේ ආකාරයේ ගැටළු නොවිසඳී තවත් කාලයක් පුරාවට පවතිනා තෙක් පමණි.

මෙය ලංකාවට පමණක් වලංගු කාරණාවක් නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ නිවසකට හිමිකම් නොකියන මිලියන ½කට ආසන්න ජනතාවගෙන් 8%ක් ඇමෙරිකානු හමුදාවේ සේවයේ නියුතු වූ පිද්ගලයන් වන අතර තවත් ඇමෙරිකානු හමුදාවේ සිටි මිලියන 1 ½ක පමණ පිරිසක් මේ නිවාස අහිමි යාචකයන්ගේ ගොඩට එකතුවීමේ අවධානමෙන් පසුවෙති. ඇමෙරිකානු දේශපාලන පිටිය තුළද ප්‍රධාන පක්ෂ දෙකම මේ ආකාරයටම රණවිරුවන් වෙනුවෙන් හෙළූ කිඹුල් කඳුළු ප්‍රමාණය අනන්ත වන නමුත් ඔවුන්ට ඇති ගැටළු විසදීම සඳහා ගෙන ඇති සාර්ථක ක්‍රියාමාර්ගයක් පෙනෙන්නට නොමැත. යම් හෙයකින් කොටි සංවිධානය ඊලමක් පිහිටවූවානම් ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් අති බහුතරයකටස මේ ඉරණමම අත්වන ආකාරය අපහට දක්නට ලැබෙන්නට ඉඩකඩ තිබුනි.

රාජ්‍ය පාලන ඕමි පිටියේ තුරුම්පු තවදුරටත් රණවිරුවා නොවේ. අද අප දුටුවේ ඒ යථාර්ථයයි.


ඡායාරූපය: සංඛ විදානගම

Sunday, November 6, 2016

මරපාලනයට නොදෙවනි යහපාලන මාධ්‍ය ආචාරධර්ම





පසු ගිය සතිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමේ සිදුවීම පදනම් කරගෙන ඔහුගේ දියණිය සම්බන්ධකරගනිමින් ඉතාම පහත් ආකාරයේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත්වනු දක්නට හැකිවිය. මේ සම්පූර්ණ ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ බහුතරයක් ශ්‍රී-ලාංකිකයින් හොර රහසේ රුචිකත්වයක් දක්වන ලිංගිකත්වය සහ කුනු රසය උළුප්පා දක්වමිනි. මින් බහුතරයක් පුවත් සඳහා පැහැදිළි මූලාශ්‍ර නොතිබුනා මෙන්ම ඒවා පාදක වී තිබුනේ ඔවුන්ගේ මනෝමූලික උපකල්පනයන් මත පමණි.

විශේෂයෙන්ම ශ්‍රී-ලාංකාව තුළ පවත්නා ආගමික සහ සංස්කෘතික වටපිටාව තුළ මාධ්‍ය විසින් කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වාර්ථාකරනයේ දී විශේෂ සැළකිල්ලක් යොමුකළ යුතුව ඇති බව අවිවාදිත කරුණකි. මෙවැනි සිදුවීම් හේතුවෙන් සමාජයෙන් එල්ලවන අපවාද, චෝදනා සහ මානසික පීඩිනය හේතුවෙන් අවසානයේ දී සිය ජීවිතය පවා අහිමිකරගන්නා තැනට පත්වූ සිදුවීම් විරල නොවේ. මාධ්‍යකරණය තුළ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී විශේෂ ආචාරධර්ම පද්දතියක් අනුගමනය කිරීම සිදුවන්නේ මේ හේතුවෙනි. මාධ්‍ය යනු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා භාවිතා කළහැකි ප්‍රභල අවියක් වනවා සේම එය භාවිතා කිරීමේ දී නිසි විනයක් ඇතිව වගකීම් සහගතව භාවිතා කිරීම තුළින් මාධ්‍යකරණයට මෙන්ම සමාජයට එයින් සිදුවියහැකි හානිය අවම කරගැනීමට මාධ්‍යවේදියා සතු වගකීමක් ද වේ.

මේ සිදුවීමේ ඇති අනෙක් අවාසනාවන්ත කරුණ වන්නේ සමාජ ජාල පිටු සහ ගොසිප් වෙබ් අඩවි තුළ මෙම ව්‍යාපෘතිය දියත්වන්නේ යහපාලනය, මාධ්‍ය සදාචාරය, යුක්තිය වෙනුවෙන් පෙනීසිටිනවා යයි කියාගන්නා වර්ථමාන රජයේ ප්‍රචාරණ ව්‍යාපාරයන් මෙහෙයවන පාර්ශවය තුළින් වීමයි. විමල් වීරවංගේ දේශපාලනය හෝ පෞද්ගලික හැසිරීම සම්බන්ධයෙන් ගැටළු ඇති බව සත්‍යවන නමුත් එවා පිරිමසාගැනීම සඳහා ඔහුගේ දරුවන් භාවිතා කිරීම කිසිසේත්ම අනුමත කළ හැකි කරුණක් නොවේ. විශේෂයෙන්ම යහපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනීසිටිනවා, ඒ වෙනුවෙන් කටයුතු කරනවා යයි යයි පවසනා කණ්ඩායමක් ඒ ආකාරයෙන් කටයුතු කිරීම ඔවුන් පෙනී සිටිනවා යයි පවසන අරමුණ සහ ප්‍රතිපත්ති අමු අමුවේම දූෂණය කිරීමකි.

එමෙන්ම මෙම සිදුවීම දී මීට පෙර මෙවැනි අවස්ථාවන්හි ඊට විරුද්ධව ඉදිරිපත්වූ සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ඇය වෙනුවෙන් ඉදිරිපත් නොවී කර ඇරීමත් මෙම සිදුවීමේ දී දක්නට ලැබුනු අවාසනාවන්ත තත්වයකි. තමාගේ විරුද්ධවාදියෙක් වීම නිසා මුනිවත රකින සියළු දෙනා අවබෝධකරගත යුතු කරුණ වන්නේ මෙම ව්‍යාපාරය දියත් කළ පුද්ගලයන් ඔවුන් වෙතද මේ හැන්දෙන්ම බෙදීමට කිසිඳු අවස්ථාවක පසුබට නොවන බවයි.

Tuesday, February 9, 2016

ප්‍රධාන මාධ්‍යට අමතක වූ දකුණු ආසියානු කීඩා උළෙල

එදා සුසන්තිකාලා, දමයන්ති දර්ෂලා, සුගත් තිලකරත්නලා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල ජයකෙහෙළි නංවද් දී ශ්‍රී-ලාංකිකයන් වශයෙන් අප සියළු දෙනා ශ්‍රී-ලාංකිකයින් වශයෙන් ආඩම්බරයට පත්වූයෙමු.
ශ්‍රී-ලංකාවේ සියළුම මාධය ආයතන එ් ජයග්‍රහනය පිළිඹඳ වාර්තා කිරීමට කටයුතු කළේ විශාල උනන්දුවක් දක්වමිනි. රාජ්‍ය නාලිකා මෙම තරඟ සජීවීව ජනතාව වෙත ගෙ නඒමට දායක වූ අතර සියළුම පුවත්පත් සිය මුල් පිටුව තුලින් මේ සම්බන්ධයෙන් වාර්ථා කිරීමට කටයුතු කොට තිබුණි.

මේ වනවිට ඉන්දියාවේ ගුවාති සහ ෂිලොන්ග් හි පැවැත්වෙන 12වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුලත් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජය කෙහෙළි නංවමින් සිටිති.

මේ වනවිට රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 23ක් සමඟ සමස්ථ පදක්කම් 61 ක් ලබාගෙන දෙවන ස්ථානයට පත්වන්නට සමස්ථ පදක්කම් සටහනේ ශ්‍රී-ලංකාව සමත්ව ඇති අතර සාමාන්‍යයෙන් ශ්‍රී-ලංකාව දක්ෂතා දක්වන පිටියේ මළල ක්‍රීඩා ඉසව් වලින් පිටතට විත්, පිහිනුම්, පාපැදි, බර ඉසිලීම ආදී ක්‍රීඩා වලින් දස්කම් දක්වාති තිබීම මෙවර සාර්ක් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ඇති විශේෂත්වයයි.
නමුත් මෙවර ප්‍රධාන මාධ්‍ය ආයතන සාර්ක් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් දක්වන අවධානය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි නොවේ. මාධ්‍ය ආයතනයක වගකීම තමාගේ ප්‍රේක්ෂකයන්ට වැදගත්වන, යම් වටිනා කමකින් යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීමයි. නමුත් කිසිඳු රජයේ හෝ පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සාර්ක් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී-ලංකාව දක්වා ඇති දක්ෂතා සම්බන්ධයෙන් වාර්ථා කිරීමේ වගකීම තමාවෙත ගෙන ඒ වගකීම ඉටුකරන බවක් පෙනෙන්නට නැත.

යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සීනිගම දේවාලයේ පොල් ගැසීම, ඔවුන් හොරෙන් පොල් කැඩුවාද යන්න, එම අවස්ථාවේ දේශපාලකයෙකුගේ මුදල් පසුම්බිය සොරකම් කිරීම, නිදහස් උත්සවයේ ජාතික ගීය දමිල බසින් ගායනා කිරීම, නිදහස් උත්සවයේ ක්‍රිෂානි විජේසිංහ විසින් සිදුකළ ඔපෙරා ශෛලියේ ගායනය, ආදී කිසිඳු වැදගත් කමක් නොමැති, හුදු කුණු රසය පමණක් දැකිය හැකි සංසිද්ධීන් ගණණාවක් සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට මෙම මාධ්‍ය ආයතන සියල්ල කටයුතු කරන ආකාරය දක්නට ලැබේ.

සීනිගම දේවාලයට ගොස් පොල් ගසන දේශපාලඥයන් ගැන මහත් උද්යෝගයෙන් වාර්ථා කරන මාධ්‍ය ආයතන ශ්‍රී-ලාංකික ක්‍රීඩකයින් සමඟ ඉන්දියාවට ගොස් ඔවුන් සමඟම නැවතී හිඳිමින් ඔවුන්ව ධෛර්යමත් කිරීමට කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධයෙන් වාර්තා කිරීමට උනන්දුවක් දක්වන්නේ නැත.

සමහර විට සීනිගම දේවාලයට ගොස් පොල් ගැසීම සාර්ක් උළෙල තුල ශ්‍රී-ලංකාව ජයකෙහෙළි නංවනවාට වඩා වැදගත් කරුණක් බවට මෙම මාධය ආයතන වල ප්‍රධානීන්ට පෙනී යනවා වන්නට පුළුවන. එමෙන්ම නිදහස් උත්සවයේ දී ක්‍රිෂානි ජයසිංහගේ ඔපෙරා ගායනය දයාසිරි සාර්ක් ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩකයින් හා සමඟ එකතුව ඔවුන්ව ධෛර්යමත් කරනවාට වඩා වැදගත් යයි සලකනවා වන්නට පුළුවන.
ශ්‍රී-ලංකාව තුල පවතින මාධ්‍ය ආයතන වලට පොදුවේ (රජයේ සහ රජයේ නොවන) ජාතික වැදගත්කමකින් යුත් ප්‍රවෘත්ති මොනවාද, වාර්ථාමය වටිනාකමක් සහිත ප්‍රවෘත්ති මොනවාද, මාධ්‍ය ආයතනයක් වශයෙන් ඔවුන්ගේ රාජකාරි සහ වගකීම් මොනවාද යන්න පිළිබඳව අවබෝධයක් ලබාදියයුතු තත්වයක් උද්ගතව ඇත.

Friday, February 5, 2016

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”


ජාතික ගීයේ දමිළ අනුවාදනය මේවනවිට බුකියේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වී හමාරයි.
ශ්‍රී-ලංකාව මත ඉපිද ශ්‍රී-ලාංකික පොළවෙන්, සුළඟෙන්, ජලයෙන් පෝෂනය වූ අපි එකිනෙකා හා සන්නිවේදනය සඳහා භාවිතා කරන මිනිසා නිර්මාණය කරගත් භාෂාවක් පමණක් පදනම් කර ගනිමින් දශක 3ක් පුරාවට එකිනෙකා මරා ගත්තෙමු. 

ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටළුව දෙස බැලීමේ දී තේරුම් ගතහැකි ප්‍රධාන කරුණ නම් දශක 3ක් පුරාවට පැවැති සිවිල් යුද්ධය අවසන්කොට වසර 6ක් අවසන්ව ඇති නමුත් තවමත් ශ්‍රී-ලාංකික ජනතාව තුල එකිනෙකා කෙරෙහි අනයෝන්‍ය විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට අපොහොසත්ව ඇති බවයි.

දමිළ භාෂාව කතාකරන ජනතාවටත් ජාතික ගීය ගායනා කරන විට තමාගේය යන හැඟීම ඇතිවිය යුතු බව සත්‍යකි. ජාතික ගීයේ දමිළ අනුවාදනය භාවිතා කිරීම තුලින් දමිළ භාෂාව කතාකරන ජනතාව තාවකාලිකව ආමන්දානයට පත්කළ හැකි නමුත් එය මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් නොවේ. 

පලමු කොටම ජාතික ගීය දමිළ බසින් ගායනා කළ යුතු බවට දමිළ ජනතාව තුල මතයක් ගොඩ නැඟෙන්නේත් එසේ ගායනා කරනවාට සිංහල ජනතාව විරුද්ධ වන්නේත් එකම කාරණාවක් පදදනම්කොට ගනිමිණි. එනම් අප දෙකොට්ඨාශය අතර අනයෝන්‍ය විශාවාසයක් නොපැවතීමයි. අප පවතී නම් දමිළ ජනතාවට සිංහල බසින් ජාතික ගීය ගායනා කිරීමටත්, සිංහල ජනතාවට ජාතික ගීයේ දමිළ අනුවාදනයට විරුද්ධ වීමටත් කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවේ.

සිංහල ජනතාවත් දමිළ ජනතාවත් අතර විශ්වාසය ගොඩ නැංවීම සඳහා ඔවුන් අතර ඇති ගැටළු, විරසක, සබඳතා ආදී සියළුම කරුණු පිළිබඳව සංවාද මණ්ඩපයක් ඇතිකළ යුතුව ඇත. ඒ තුලින් එකිනෙකාගේ සංස්කෘතීන් පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමටත්, ඒවා අතර ඇති විවිධත්වය, වෙනස්කම් වටහා ගැනීමටත්, ඒවාට ගරුකිරීමටත් උගත යුතුව ඇත. 

අප අතර විශ්වාසය ගොඩ නැඟීමකින් තොරව ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම වැනි සිල්ලර ක්‍රියාකාරකම් තුලින් මෙම ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බව පාලකයනුත්, ජනතාවත්, සමාජ ක්‍රියාකාරීනුත් අවබෝධකරගත යුතුය.

මේ ජාතික ගීයේ දමිල අනුවාදනය ගායනා කිරීම වැරදියි කියනවා නොවේ. නමුත් නැවත වතාවක් අප රට ජාතිවාදී ගිනිදැල්වලින් වෙළීයාම නැවැත්වීමට නම් ජාතීන් අතර අනයෝන්‍ය විශ්වාසය වර්ධණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් හැකි ඉක්මනින් ආරම්භ කළයුතුව ඇත.

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”

Saturday, November 21, 2015

නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම ඇත්තටම වැරදි ද?


ශ්‍රී-ලංකාවේ පාසල් නිල ඇඳුම් පිළිබඳ ඉතිහාසය දශක ගණනාවක් ඈතට විහිදෙන එකක්. යම් යම් මත බේද තිබෙන නමුත් පාසල් දරුවන් අතර සමානාත්මතාවය වර්ධනය කිරීම මෙහි අරමුණ බව බොහොමයක් අධ්‍යාපනඥයින් පවසන කරුනක්.

කොහොම වුනත් ලංකාව වගේ රටක සමහර දුෂකර ප්‍රදේශවල අඩු ආදායම් සහිත දරුවන්ට නිල ඇඳුම් සපයාගැනීම එතරම් පහසු කරුණක් නොවෙයි. හිටපු ජනාධිපතිවරයෙක් වන ජේ.ආර්. ජයවර්ධණ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ මේ ගැටළුවට පිළයමක් වශයෙන්. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා නිල ඇඳුම් බෙදා දීමේ දී ඔහු විසින් සිදුකළේ නිල ඇඳුම් සඳහා අවශය ප්‍රමාණයට රෙදි පාසල් දරුවන් වෙත ලබාදීම. එම කාලයේ වර්ථමානයේ වගේ රෙදි මිලදීගන්න පුළුන් ස්ථාන හැමතැනම තිබුනේ නැහැ ඒ වගේම රජයට අයත් රෙදි කර්මාන්ත ශාලා හරහා ශ්‍රී-ලංකාව තුලම මෙම රෙදි නිශ්පාදනය කිරීමේ හැකියාවක් පැවතුනා. එමනිසා ඒ වෙනකොට පැවති වාතාවරණයට අනුව මෙසේ රජය විසින් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ ගැටළුවක් පැවතුනේ නැහැ.

නමුත් වර්ථමානය වනවිට තත්වය සැළකියයුතු ලෙස වෙනස්වෙලා තියෙනවා. මේවනවිට ශ්‍රී-ලංකා රජයට අයත් කර්මාන්තශාලා හරහා රෙදි නිශ්පාදනයක් සිදුවන්නේ නැහැ. දැනට බෙදන රෙදි ලබාදෙන්නේ ටෙන්ඩර් කැඳවීම මඟින් තොරාගන්නා පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා. ඒ වගේම රෙදි පිළි ම්ලදීගැනීම ඒ වකවානුවේ තරම් අපහසු නැහැ. ඕනෑම නගරයක ඇති රෙදි පිළි සාපුපුවක් හරහා රෙදි මිළදීගැනීමේ හැකියාවක් මේ වනවිට පවතිනවා.

ඒ වගේම ලංකාව තුල පවතින රෙගුලාසි යටතේ මෙසේ රෙදි ලබා දීමේදී මේ දක්වා සියළුම අවස්ථාවන්හිදී නොයෙකුත් ආකාරයේ අක්‍රමිකතා ඇතිවූ බව නොරහසක්. අක්‍රමිකතා සිදුවීමට නොහැකිවන ආකාරයට පවතින හිඩැසි වැසීමට කටයුතු කළයුතුයයි යමෙකු තර්කකරනු ඇති. නමුත් ශ්‍රී-ලංකාවේ මෙතෙක් පැවති ශ්‍රී-ලංකාව තුල මුල්බැසගෙන ඇති ක්‍රියාකලාපයන් එක්ක මේ කියන අක්‍රමිකතා මඟහරවාගැනීමට කටයුතු කිරීම එතරම් ප්‍රායෝගික නැහැ. 

එම හේතුව නිසා තවදුරටත් පාසල් නිල ඇඳුම් ලබාදීමේ දී රෙදි වශයෙන් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් වෙන්නේ නැහැ. එමෙන්ම මෙතෙක් පැවති ක්‍රියාවලිය තුල බොහොමයක් දෙනෙක් නොදකින ලද පැතිකඩක්ද තියෙනවා. පවතින විවෘත ආර්ථික ක්‍රමය යටතේ හා පවතින වානිජ රෙගුලාසි යටතේ තනි සමාගමක් සඳහා මෙවැනි අති විශාල ටෙන්ඩරයක් ලබාදීම තුල එම සමාගමට රෙදි ආනයන ක්ෂේස්ත්‍රය තුල ඒකාධිකාරයක් ස්ථාපනය කරගැනීමට පහසුවෙන් හැකියාව ලැබීම. 

ලෝකයේ බොහෝ රටවල එක් සමාගමකට එක් ක්ෂේස්ත්‍රයක් තුල ඒකාධිකාරයක් ගොඩනඟාගැනීම අපහසු කිරීම සඳහා නීති රීත් සම්පාදනය කරලා තියෙන නමුත් මෙතෙක් ශ්‍රී-ලංකාව තුල ඒ ආකාරයට නීති රීති සම්පාදනය කරලා නැහැ. ඒ නිසා ලංකාව තුල මෙවැනි ටෙන්ඩරයක් ලබාගන්නා සමාගමකට තම ක්ෂේස්ත්‍රය ඇතුලේ අනෙක් සමාගම් වලට විශාල බලපෑමක් කිරීමේ හැකියාවල් තිබෙනවා. ඒ අනුව මේ ආකාරයට ඒකාධිකාරයක් ගොඩනඟාගානීම තුල ඔවුන්ට වෙළඳපොල තමාට රිසි ආකාරයට පාලනය කිරීමටත් අනෙකුත් තරඟකරුවන්ට වෙළඳපොලට ඇතුළු වීම අවහිරකිරීමටත් පහුසුවෙන් පුළුවන්කම ලැබෙනවා. ඇයි ඒකට විරුද්ධව නීති හදන්න බැරිද කියන තර්කය ගොඩක් දෙනෙකුට නඟන්න පුළුවන් හැබැයි ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය යටතේ එහෙම නීති සම්පාදනය කරන්න උත්සාහකරන එක කොච්චර සාර්ථක වෙයි ද කියන එක සම්බන්ධයෙන් ගැටළු තියෙනවා.

සමහර දේශපාලඥයන් පවා එල්ල කරන චෝදනාවක් වන්නේ සමහර බේබදු දෙමාපියන් මෙසේ ලැබෙන වවුචර් මුදල්කොට ඒ මුදල් තමාගේ පෞද්ගලික කටයුතු සඳහා භාවිතාකරනු ඇති බව. දැනට ලැබෙන පාසල් රෙදි මිලදීගැනීම සඳහා වෙනම වෙළඳපොලක් නිර්මාණය වී ඇති බව මෙසේ පොළවේ පය නොගසා ජීවත්වන දේශපාලඥයින් නොදන්නා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

යමක් සිදුකරන ක්‍රමය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇති විට අප සියළු දෙනා බොහෝවිට පුරුදුව ඉන්නේ එ් සඳහා පැලැස්තර විසඳුමක් යොදලා එම ගැටළුව මඟහරවා ගැනීමට උත්සාහ කිරීමට. නමුත් එම ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත්කරලා අවශ්‍යතාවයට ගැලපෙන නව ක්‍රමයක් ස්ථාපිතකරවීම කාලයෙන් කාලයට සිදුකළ යුතු අවශ්‍යතාවයක් බව අවබෝධකරගැනීම ඉදිරියට යාමට බලාපොරොතුත්වන රටක් අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්.

තම රටේ පුරවැසියන්ගේ ආරක්ෂාවේ වගකීමෙන් පාලකයන්ට මිදිය නොහැක

පසුගිය වසරේ රිසානා සම්බන්ද සිදුවීම ශ්‍රී-ලංකාව තුල විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුනා. එම සිද්ධියෙන් අනතුරුව මේ වනවිට තවත් ශ්‍රී-ලාංකික කාන්තාවක් සෞදි අරාබියේ පවතින අමානුෂික නීතියේ ග්‍රහණයට හසුව මරණ දඬුවම නියමවී සිටී.

රිසානාට නියම වී තිබුනේ හිසගසා දැමීමෙන් මරණයට පතිකිරීමට වුවත් මෙම කාන්තාවට ඇයව හිස පමණක් පොලම මතුපිටට සිටින සේ වලලා ගල් ගැසීමෙන් මරා දැමීමට නියමිතව තිබේ. මෙම දඬුවම අතිශය අමානුශික බව කියන්නට කරුණු කාරනා අවශ්‍ය නොවේ. ඇය මෙම දඬුවමට මුහුනපා සිටින්නේ සෞදි අරාබියේ දී තවත් ශ්‍රී-ලාංකික තරුණයෙකු සමඟ අනියම් සබඳතාවක් පැවැති වීමේ වරදකටයි. ඇය කළ වරදට විශේෂයෙන්ම එම වරදට සම්බන්ධව සිටින්නේ ශ්‍රී-ලාංකිකයෙකු වී ඇති අවස්ථාවක මෙවැනි දඬුවමක් ලබාදීමට සෞදි රජය කටයුතු කිරීම අතිශයින්ම පිලිකුල් සහගත ක්‍රියාවකි.

මෙහි දැක්වෙන්නේ සවුදි අරාබියේ බලපැවැත්වෙන නීතියත් ඩෑෂ් නැතහොත් අයිසිස් ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක කරණ නීතියත් අතර සන්සන්දනයකි. මෙම නීතීන් දෙක අතර පැහැදිළි වෙනසක් දක්නට නොලැබේ.
අයිසිස් ත්‍රස්තවාදීන් විසින් ක්‍රියාත්මක කරන නීතිය අනුමත නොකරනවා සේම එයට සම්පූර්ණයෙන්ම සමාන සෞදි අරාබියේ ක්‍රිත්මක වන නීතියද අනුමත කිරීමට රජයට හෝ වෙනත් කිසිම ශිෂ්ඨයයි සම්මත මනුශ්‍යයෙකුට ඇතැයි මා පෞද්ගලිකව නොසිතමි. එමෙන්ම සෞදි ආරාබියතුල සේවකයන්ට සලකනු ලබන ආකාරය සම්බන්ධයෙන් ප්‍රභල චෝදනා ඇති අතර එම තත්වයේ සාධනීය වර්ධනයක් සිදුවන බවක් ද මේවනවිට පෙනෙන්නට නැත.

එමෙන්ම මෙසේ පවතිනා නීති රීතීන් සෞදි වැසියන්ට එක් ආකාරයකටත් අනෙකුත් රටවල සිට පැමිණෙන සේවකයන්ට තවත් ආකාරයකටත් බල පැවැත්වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ.

කුරාණයේ සඳහන් වූ නිසා වේවා, කාලාන්තරයක් තිස්සේ පැවත ආ නිසා වේවා මෙවැනි අමානුශික නීතියක් සහ සංස්කෘතියක් පවතින රටක් සමඟ ගණුදෙනු කිරීමේ දී තම පුරවැසියන්ට ලැබියයුතු උපරිම ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කිරීම රජයේ වගකීම වේ.

Monday, November 16, 2015

මෛත්‍රී සෝභිත හිමිට වූ පොරොන්දු ඉටුකරයි ද?



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස්කිරීම. මේවා අපට පසුගිය දශක කිහිපය පුරාවටම දේශපාලන වේදිකාවන්තුල දැඩිව කතාබහට ලක්වූ මාතෘකාවක්. පසුගිය දශක දෙක පුරාවට පත්වූ ජනාධිපතිවරුන් තිදෙනෙකු විසින් මෙම පොරොන්දු දෙක තමා බලයට පත්වීමට ප්‍රථම ජනතාව වෙත ලබාදුන් නමුත් තමාගේ අතට ජනාධිපති තනතුර හිමිවීමෙන් අනතුරුව මේ දෙකෙන් එකක් හෝ ඉටුකිරීමට ඔවුන් කිසිවෙකුත් කිසිඳු අවස්ථාවක කටයුතු කලේ නැත.

පලමුවරට මෙම පොරොන්දුව ලබාදුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා ජනාධිපතිවරණයට පත්වීමෙන් අනතුරුව තමා එම පොරොන්දුව ලබාදුන් බව අමතක කළාය. මෙසේ බලයට පැමිණි ජනාධිපතිවරු තමා ලබාදුන් පොරොන්දුව අමතක කරන්නට පමණක් නොව එයට පටහැනිව යමින් විධායක ජනාදිපති ධූරයට පත්වීමට තිබූ අවස්ථා දෙකක සීමාව ඉවත්කරගැනීම පවා කටයුතු කළහ.

මේ සඳහා පලමු උත්සාහය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් දරණ ලද අතර එය සාර්ථකකරගැනීමට ඇයට හැකියාවක් ලැබුනේ නැත. නමුත් 2010 සැප්තැම්බර් 9වන දින මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මතකරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් විය.

මේ ආකාරයට යම් ජනාධිපතිවරුන් විධායක බලතල වැඩිකරගත්තා සේම 2001 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සිය බලතල අඩුකරගනිමින් 17වන සංශෝධනය සම්මතකරගැනීමට සිදුවූයේ එවකට පැවැති දේශපාලන පසුබිමේත් ජනතා විමුක්ති පෙරමුණේත් දැඩි බලපෑමට හසුවීම හේතුකොට ගෙනයි. එමෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම වසරේ දී 19වන සංශෝධනය හරහා සිය බලතල යම්කිසි ප්‍රමාණයකට අඩුකරගැනීමට කටයුතු කළේය.

නමුත් තමා ජනතාව වෙත ලබාදුන් පොරොන්දුව වන විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසිකිරීම මෙම දේශපාලඥයන් කිසිවෙකුටත් සිදුකිරීමට හැකියාවක් ලැබුනේ නැත.

එමෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් තිදෙනාම දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවට ලබාදුන් පොරොන්දුවද ඉටුකිරීමට කටයුතු කොට නැත.

මේ වෙනස්කම සිදුකිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ කළ නමුත් එම කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවයකට පැමිණිමට කල්ගතවීමත් පැවැති දේශපාලන වාතාවරණයත් හේතුකොට ගෙන එම පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරවා හැරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවිය.

මේ කරුණු කාරනා මේ ආකාරයෙන් පැවසීමට හේතුව පසුගිය දා මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහනෝතස්වයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා සෝභිත හිමියන් බලා පොරොත්තු වූ පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසිකරන බවටත් එමෙන්ම වර්ථමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස්කිරීමට කටයුතු කරන බවටත් නැවත වතාවක් පොරොන්දු වීමයි.

ජනතාව බහුතරයක් මේ වෙනස්කම් දෙක ශ්‍රී-ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල සිදුවිය යුතු බව විශ්වාසකරන නමුත්, මේ සම්බන්ධයෙන් කෙරෙන කතාබහ ඉතාමත් අඩුවීම තුල පොදු වශයෙන් දේශපාලඥයන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව තුල ඇති විශ්වාසය සැලකිය යුතු අයුරින් පිරිහී ඇති බවක් පෙනීයයි.

නමුත් මෙහිදී බොහෝ දෙනා අමතක කරන කරුනු දෙකක් ඇත. එනම් මෙතෙක් පත් වූ ජනාධිපතිවරුන් අතරින් තමාගේ බලය ස්වකැමැත්තෙන් යම් ප්‍රමාණයකට හෝ අඩුකිරීමට කටයුතු කළේ වත්මන් ජනාධිපතිවරයා බවත් එමෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක උත්සාහයක් හෝ ගත්තේ මේ ජනාධිපතිවරයා පමණක් වීමත් යන කරුණු දෙකයි.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා තම පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පත්වූ ජනාධිපතිවරුන්ට වඩා වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව අවිවාදයෙන් පිලිගැනීමට සිදුවේ. නමුත් එයින් අනතුරුව මේ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගැනීම නිසා ජනතාව යම් තරමක අවිනිශ්චිත තාවයකින් පසුවන බවත් පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත වතාවක් පැවැති ජනප්‍රසාදය දිනාගන්නට නම් මෙම ලබාදුන් පොරොන්දු කඩිනමින් ඉටුකිරීම කෙරෙහි අවධානය යොමුකළයුතුව ඇත.

Thursday, November 12, 2015

ඇවන්ගාඩ් හුටපටයේ ඇතුලාන්තය හා සිවිල් සංවිධාන වල දේශපාලන මැදිහත් වීම



පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට එල්ල වූ ප්‍රභල චෝදනාවන් අතර ඇවන්න්ගාඩ් සමාගම සම්බන්ධයෙන් වූ චෝදනා ප්‍රධාන තැනක් ගනී. දේශපාලන වේදිකාව තුල ඇවන්ගාඩ් උනුසුම් මාතෘකාවක් වූ අතරම ඒ සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය එවකට විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය.

ජනාධිපතිවරණය අවසන් වී නව රජය පත්වීමෙන් අනතුරුව ජනවාරි මස 18 වන ඉරිදා ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර නැමැති නැව ගැළුවරායේ දී අත්අඩංගුවට ගන්නේ කරුණු මේ ආකාරයෙන් පවතින අතරතුරයි. එහි දී එම නැවේ තිබි ස්වයංක්‍රීය ගිනි අවි 3,000කට අධික සංඛ්‍යාවක් සොයාගැනීමට පොලිසිය සමත් විය. මේවායින් බහුතරය ලියාපදිංචි නොකල අවි බවට ද එම අවස්ථාවේ කරුණු ප්‍රකාශ විය.

මෙම නෞකාව ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර නැමැති පාවෙන අවිගබඩාව බවට පසුව අනාවරණය කරගන්නා ලදී.

ඔක්තොබර් මස 9 වනදා ඇවන්ගාඩ් සමාගමට අයත් තවත් මෙවැනිම වූ නෞකාවක් ගාළුවරාය ආසන්නයේ දී නාවික හමුදාව බාරයට පත්වන අතර එම නෞකාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි 810ක් සොයාගැනීමට නාවික හමුදාව සමත් විය.

ඇවන්ගාඩ් මාතෘකාව නැවතවතාවක් කරළියට පැමිනෙන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවේ සිදුකරන ලද ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි. මෙහිදී ඔහු ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගම විසින් කිසිඳු නීති විරෝධී කටයුත්තක් සිදුකොට නැති බවත් පොලීසිය විසින් මහනුවර නෞකාව අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ ලකුණ දමාගැනීමේ අරමුණින් බවත්ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගම නිසිඳු වරදක් කර නොමැති බවත්, මේ සම්බන්ධයෙන් සහ තවත් චොදනා ගණනාවක් එල්ලවී ඇති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට තමා කිසි ලෙසකින්වත් ඉඩ නොතබව බවත්ය.

ශ්‍රී-ලාංකික රජයේ නීති පද්දතිය සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යවරුන් දෙදෙනා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුල ගැටළු ගණනාවක් පැනනැගී ඇත. මේ අතරිනුත් ප්‍රධානම ගැටළුව වන්නේ දැනට පරීක්ෂන කටයුතු අවසන්ව නැති කටයුතුතක් සම්බන්ධයෙන් එම පරීක්ෂන කටයුතු භාර ආයතනයන් සහ නීතිය පසිඳලීම සම්බන්ධ ආයතනයන් භාර අමාත්‍යවරුන් දෙදෙනා මෙම කරුණ සම්බන්ධයෙන් මෙවැනි අදහසක් දැරීමයි.

මෙම අවස්ථාවේ බැඳියා පිළිගැටුමක්(Conflict of interest) ඇති වීම නොවැළැක්විය හැකි සිදුවීමකි. එමෙන්ම ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ ගැටළුවේ දී ඇවන්ගාඩ් සමාගමට නීති උපදෙස් සපයන්නේ තිලක් මාරපනගේ සොහොයුරාවන ගාමිණී මාරපනට අයත් නීතීඥ සමාගම වීම තුලද මේ ආකාරයේ බැඳියා පිළිගැටුමක් ඇතිවීමට විශාල ඉඩකඩක් පවතී. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දී තිලක් මාරපන විසින් ඇවන්ගාඩ් හැඳීන්වීමට යෙදුන මාගේ සේවා දායකයා යන ආමන්ත්‍රණය තුලම මෙම කරුණ ගැබ්ව ඇති බව මාගේ පෞද්ගලික හැඟීමයි. 

එමෙන්ම ඊයේ දිනයේ පැවති ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් තීරණයකට එළැබීම සඳහා පැවති විශේෂ සාකච්ඡාවේ දී ගත් තීරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ද විශාල ගැටළුවක් පවතී.

මෙවැනි තත්වයක් තුල ඇවන්ගාඩ් සම්බන්ධ පරීක්ෂණ නිසි පරිදි සිදුවනවා ද නැති ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඕනෑම අයෙකු තුල ඇති වීම වැලැක්විය නොහැක.

සරලව පවසනවා නම් නීතීඥයෙකු හෝ වෙනයම් පුද්ගලයෙකු ඇවන්ගාඩ් ආයතනය නිවැරදිය යන්න සම්බන්ධයෙන් පෙනී සිටීම ගැටළුවක් නොවන නමුත් මෙම පරීඛ්ෂණ කටයුතු මෙහෙයවන ආයතන භාර අමාත්‍යවරුන් වන අධිකරණ අමාත්‍යවරයා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ඇවන්ගාඩ් ආයතනය නිවැරදිය යන්න වෙනුවෙන් පෙනී සිටීම ගැටළුකාරී තත්වයක් ඇතිකරන බව අමුතුවෙන් කියයුතු නොවේ.
මෙම ගැටළුවේ දී රටේ ජනතාව මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීලෙස කටයුතු කිරීමත් රජයට බලපෑම් එල්ල කිරීමත් එමෙන්ම රජය ජනතාවගේ හා සිවිල් සංවිධාන වල හඬට ඇහුම්කන් දීමත් පෙර පැවති තත්වය සමඟ සසඳන විට ඉතාම හොඳ ප්‍රවනතාවක් බව ද පැවසිය යුතුව ඇත.

Thursday, August 15, 2013

කෝච්චියේ ජීවිතේ.


දෙහි, දෙහී. පැකට් එකක් රුපියල් විස්සයි දෙහි, දෙහී.



රට කජු, රට කජූ, බැදපු රට කජූ. කොළඹ යන ගමන් කකා යන්න රට කජූ. 

ඇයගේ වයස අවුරුදු දොළහක් දහතුනක් පමණ වන්නට ඇත. ලා කොළ පැහැති හැට්ටයකිනුත් පාට වියැකී ගිය රෝස පැහැයට හුරු පුල්ලි වැටුනු සායකින් සැරසී සිටියාය. ඇයගේ එක් අතක දෙහි ගෙඩි පිරවූ ෂොපින් කවර කිහිපයකි අතින් අතේ රටකජු පිරවූ එවැනි ම වූ ෂොපින් කවර කිහිපයකි. ඇයගේ කොණ්ඩය අවුල් වී තිබින කෝච්චිය තුලට හමා එන හුලං පහර නිසාත් කෝච්චියේ එහාට මෙහාට යනවිට ගැස්සීම නිසාත් වන්නට ඇත. ඇය අප වාඩි වී සිටින ආසනය ළඟ නැවතින. ඇය මාගේ මුහුනත් මාගේ මවගේ මුහුනත් දිහා මාරුවෙන් මාරුවට බැළුවාය. ඒ බැල්ම තුල යම්කිසි ආකාරයක මලානික ගතියක් ගැබ් වී තිබින එය මලානික බවක් කියනවාටත් වඩා හිස් බවක් යයි කිව්වොත් නිවැරදි ය. ඇයගේ දුප්පත් කමත් ජීවත් වීම සඳහා ගන්නා මහන්සියත් ඇයට විඳීමට සිදුවූ දුක් කම්කටොළුත් ඒ බැල්ම තුල ගැබ්වී තිබුනා වන්නට ඇත. 

කෝ ගන්න බලන්න මෙහාට

ඒ මගේ මවයි 

මොනවද නෝන ඕන කියමින් ඇය ඈ සතු දෙහි බෑග් කිහිපයත් රට කජු බෑග් කිහිපයත් අප දෙසට පෑවාය. 

මගේ මව දෙහි බෑග් කිහිපය පරීක්ෂා කරල බලා එතැනින් එක් බෑගයක් තෝරා ගත්තාය 

රට කජු කීයද? 

පොඩි බෑග් එකක් රුපියල් විස්සයි නෝන ලොකු බෑග් එකක් හතළිහකයි. 

කෝ ගන්න බලන්න ලොකු බෑග් එකක් 

මගේ මව එතැනින් බෑගයක් ද තෝරා ගත්තා ය. 

මෙම වයසේ දැරියක් තම නිවාඩු කාලය යහළුවන් සමඟ කෙලි දෙලෙන් ගතකල යුතුයි නේද? එය ඇය සතු අයිතියක් නොවේද? මෙලෙස දරුවන් රැකියාවල යොදවන දෙමාපියන් හෝ භාර කරුවන්ට විරුද්ධව පියවර ගතයුතු නොවේද? ඒ මගේ සිත මා වෙත පැවසූ කතාවයි. 

නමුත් ඇය දෙස බැලූ විට ඇයගේ ඇඳුම, ශරීරය සහ විලාසය පැවසූයේ වෙනත් කතාවකි. ඇය තම යහළුවන් සමඟ කෙලි දෙලෙන් පසු වීමට කළින් ඇයගේ මූලික අවශ්‍යතා වන ආහාර, නවාතැන්, ආරක්ෂාව වැනි මූලික අවශ්‍යතාවලට ප්‍රමුඛත් වය දිය යුතු වේ. ඇය එදින එම දෙහි සහ රට කජු විකිණීමට නොහැකි වුනොත් බඩගින්නේ සිටීමට සිදු වනවා වන්නට පුළුවන. නැතහොත් ඇයිට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ලබාගැනීමට නොහැකි වනවා වන්නට පුළුවන. 

මගේ මව ඇය අත රුපියල් හැටක මුදලක් තැබුවාය. 

එය රැගෙන නැවතත් දෙහි දෙහී රට කජු රට කජූ කියමින් යන ඒ දැරිය දෙස මා බලා සිටියේ මෙයට ඇත්තටම වගකිවයුතු වන්නේ කවුද යන්නයි. 

ඇය ද? ඇයගේ දෙමාපියන් ද? ඔබ ද? මම ද? එසේ නොමැති නම් අප ජීවත් වන සමාජය ද?


Thursday, June 6, 2013

මුදලාලියි සිරිපාලයි.

මුදලාලි ගෙ වයිෆ් -අද ඉඳන් පොල්ගෙඩියක මිල රු.80යි සිරිපාල.
සිරිපාල - අම්මෝ දෙගුනෙකින් මල වැඩි කරලනෙ මුදලාලි.
මෙහෙම ගියොත් අපි පොල් ගන්න එක නවත්තන්න වෙන්නෙ.
මුදලාලි - ඒක තමයි ඒක බොහොම අසාධාරනයි නේ. තමුසෙ පොල්ගෙඩියකට
අසූවක් ගෙව්න්න ඕනෙ නෑ ඕයි. ඔන්න ඔහේ රු 70ක් දෙනව.

සිරිපාල පොල්ගෙඩියත් රැගෙන ගෙදර යයි.

සිරිපාල - මේ දන්නවද කඩේ මුදලාලි කියන්නෙ දෙවියෙක්.
සිරිපාලගෙ වයිෆ් - ඇයි එහෙම කියන්නෙ?
සිරිපාල - රු.40ට තිබ්බ පොල්ගෙඩිය අද මුදලාලිගෙ වයිෆ් රු.80ට
වැඩි කරලනේ රීට පස්සෙ මුදලාලිට කිව්වම මුදලාලි කිව්ව රු.70
ගානෙ ගන්න කියල.

වැඩේ කියන්නෙ සිරිපාල රු. 40/= පොල්ගෙඩිය රු. 70/= ට ගෙදර ගෙනිහිල්ල මුදලාලිගෙ හොඳත් කියපු එක.

Tuesday, June 4, 2013

ලෝකෙ උතුම් රට ලංකාවයි ලු

මට හිතාගන්න බැහැ ලංකාවෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. උන් හැම එකාටම තියෙනව එක එක ජාතියෙ ඒව. මුන්ට තියෙන ප්‍රශ්න ලෝකෙ වෙන එකෙකුටවත් නැතිව ඇති.

සිංහල උන් උන්ගෙ ජාතිය වඳ වෙනවයි කියල උන්ට රටේ තියෙන තැන නැතිවෙනවයි කියල අනිත් උන්ව මරාගෙන කන්න යනව. ඇයි යකෝ තොපි අවුරුදු දෙදාස් පන්සීයක් තිස්සෙ මේ රටේ ජාතිය බෝ කරල නැද්ද? තොපිගෙ ආච්චිල සීයල ළමයි දහය දොලහ හැදුවට උන්ගෙන් තුනයි හතරයි ලමයෙක් හදන්න කල් ජීවත් වුනේ. දැන් උඹල හදන දෙන්න තුන්දෙනා ළමයි හදනකම් ජීවත් වෙනව නේද? තොපිට තියෙන තැන කොහෙද බන් නැති වෙලා තියෙන්නෙ තොපි තමයි ලංකාවෙ මහ ජාතිය පාර්ලිමේන්තුව ගත්තොත් තොපිට ඒක ඇතුලෙ කීයක් ඉන්නවද රාජ්‍ය සේවය ගත්තත් එහෙමයි. රටේ මේ වෙනකම් වෙන ජාතියක එකෙක් ජනාධිපති කමට පත්වෙලා තියෙනවද?

මේ අස්සෙ මුස්ලිම් උන් ෂරියා නීතිය ඕනෙ කියල හලාල් කෑම ඕනෙ කියල මැරෙන්න හදනව ඇයි උඹල මෙච්චර කාලයක් කාල නොවෙයිද හිටියෙ? උඹලට ෂරියා නීතිය නැති වුනා කියල මෙච්චර කාලයක් අඩුවක් වුනාද උඹලට කසාද එකක් නොවෙයි හතක් බැඳගන්න බැරි කමක් තිබ්බද? තොපිට මුස්ලිම් වුනා කියල වෙන කිසිම එකෙකුගෙන් හානියක් පාඩුවක් වෙලා තියෙනවද? උමලගෙ ජීවිතේ උඹලගෙ ආගමානුකූලව ගෙනියන්න වෙන කිසිම ආගමක උන් බාධා කරනවද?

දෙමෙල්ලු ටික උතුරයි නැගෙනහිරයි බදාගෙන එක විකාරයක් කරනව ඒක උන්ගෙ නිජ භූමියලු ඒකෙ සැබෑ උරුමක්කාරයො උන්ලු. යකෝ කල්පනා කරල බලපන් තොපි ඒකෙ මෙච්චර කාලයක් ඉන්නව යාපනේ තොපිට වෙනමම නීති රීති පාවිච්චි කරන්න හම්බුවෙලා තියෙනව. උඹලට සුදුසුකම් තියෙනව නම් රජයේ රැකියාවකට එන්න කිසිම බාධාවක් නැහැ. තොපිට කරපු තරමක් බලු කම් කරල තියෙන්නෙ තොපේ උන් මිසක් අනිත් ජාතිවල උන් නොවෙයි.

මුන් හරියට මේව ගැන කතාකරන්නෙ ලංකාවෙ වෙන ප්‍රශ්න නෑ වගේ තොපි ඔය ඔක්කොම ලබ්බවල් කරන්න කලින් කාල ඇඳල සතුටෙන් ජීවත් වෙන්න ඕනෙ. තොපි ගෙන් කීයකට හරි හමන් ආදායමක් තියෙනවද? තොපිගෙ වියදම ණය නොවී පියවගන්න පුළුවන් කී දෙනාටද? තොපිට ආසාවකට පිටරටකට වීස එකක් ගන්න පුළුවන්කමක් අපේ මේ රට පාලනය කරපු උන් හදල දීල තියෙනවද? උඹලට අසනීපයක් වුනාම බෙහෙතක් ගන්න උමලගෙ ළමයිටිකට හරියට උගන්න ගන්න මුන් මොනවද කරල තියෙන්නෙ? තොපේ චන්ද ටක අරගෙන ඊට පස්සෙ තොපිගෙ පුකට පයිනගහල එලවපු එක ඇරෙන්න මෙච්චර කාලයක් හිටපු පාලකයො මොනවද කරේ? උන්ගෙ නමයන්න ගුවන් තොටු පොලවල් වරායවල් උන්ගෙ පොඩි එවුන්ට නිදන් හාරන්න චාන්ස් එක ලබාදෙන්න උන්ට රේස් පදින්න අස්සයො පදින්න රට ගිහිල්ල ඉගෙන ගන්න උඹලගෙ තුට්ටු දෙකෙන් කීයක් හරි කොටාගත්ත එක නොවෙයිද මුන් මෙච්චර කාලෙකට කලේ? එහෙම උන්ගෙ පුක ලෙවකන්න උඹලට ලැජ්ජ නැද්ද උඹල පිරිමිද?

යකෝ අනිත් රටවල්වල පොන්නයො උන්ගෙ අයිතිවාසිකම් ඉල්ලල කෑ ගහන්ව අපේ ඉන්න උන් පොන්නයෝන්ට වැඩිය අන්තයි. උමල අල්ලගෙ අරකයි, ජේසුගෙ අනිත් එකයි, බුදුහාමුදුරුවන්ගෙ අහවල් එකයි, ශිව දෙයියන්ගෙ ඉතිර වෙච්ච එකයි අල්ලගෙන පැනපන් උඩ. කවද හරි උඹලගෙ පාලකයො උඹලට පුකේ ඇරිය වගේ උඹලගෙ ළමයින්ටත් පුකේ ඇරල යනකම් බලං හිටපල්ල උන්ගෙ වේසකම් කරන්න ළමයි යොදවපල්ල ඒක තමයි උඹලට තියෙන අනාගතේ.

ලෝකෙ උතුම් රට ලංකාවයි කිව්වට තොපි වගේ අළුකුත්තේරු හැත්ත ලංකාවෙ ඉන්නකම් මේක ගූවලක් වෙලා තියෙනව මිසක් වෙන කිසිම වෙනසක් වෙන්නෙ නැහැ.

Saturday, April 13, 2013

How I see the world (Criminal Law)

Every human being ever born on earth were born intelligent, they all capable of understanding and separating right from wrong. No human can do anything against their own moral value system. All the acts done by any person are somehow justified by him with his moral values.

There can be various reasons, various circumstances. But no matter what his action was, that was the best action he could take under those circumstances, with his knowledge and his moral values. We all human beings are unique we all have unique moral value systems, how can anyone expect all of us to live by one common set of rules?

Do you think they would have done differently if they had the same value system under the same circumstances?

When someone punishing you or setting a set of rules for you to live by how applicable that can be? Do you think they can understand your moral value system better than you?

Most of all

Who gave them right to advise you. What’s right? And What’s wrong?

Before someone judge another person, he should at least try to understand why this person did what he did, how did he justify that act with his values. Without that there is no justifiable way to someone to make a judgement on another person.

Scenario 01
A robber killed a house owner who was the father of three because the house owner caught him while robbing the house. He was confronted to the court then the judge punished him with the death penalty and executor executed him few months after.



How most of us see it



The robber is a criminal (unaccepted by the society) house owner caught him while he was doing a crime and robber committed another crime by killing the innocent house owner. He deserves the death sentence. Judge has done an excellent work by giving that murderer a death sentence and it was an executioner’s job to obey the order that comes from a judge.



Do you think this is the right procedure? Do you think justice has been served?



Most of the people would say yes.



But is it?



The robber is a person who has his own moral values. According to them stealing from someone for his needs is justifiable. While he was robbing the house owner interrupted him he knows if this person handed him over to the police he has to go to prison for robbing that person’s house which is justifiable according to robbers moral values. So he decided to end that person’s life is better than going to jail for something he doesn't think that is wrong.



According to his moral values judge believes that killing a man should punishable by law and in this case it should be a death sentence. When he was sentenced robber to death he justified ordering to killing that man with his values saying it’s OK to kill a man that had committed a crime that can punishable by the death sentence.



The executioner believes according to his moral values killing a man for court sentence is justifiable. So he hangs the robber. He is justifying that murder by believing in it was coming from a higher position and was his job.



The bottom line is all three people have done the same thing but justified it by three different ways. The law tells us two of those actions are justifiable and other one can’t. But we are forgetting that all these people somehow able to justify their actions with their moral values. They are punishing someone who took the best decision at that point according to his value system. In other words the robber did the best he could and they are punishing him for that. They are punishing him because he didn't handle the situation the way they wanted him to handle.


Scenario 02

A guy got caught by the police for possessing marijuana than he was confronted to the court and then he was fined for 1,500 Rs.



How most of us see it.



Marijuana is bad for health and it also unaccepted by most of the religions. The law has banned it to protect us. That person deserved to be fined because he was destroying himself and could have become a problem to the society.



Is it?



The law has prohibited growing, transporting, merchandising or consuming marijuana. All the reasons they are providing for not legalizing marijuana are outdated by decades. In new finding marijuana has been proven that they have effects on cancer cells, can repair brain cells, it’s an antidepressant, it's use as a meditation technique and lots more. It has over 45 different usages.



The only proven side effect it has is it can increase the percentage of schizophrenia of the persons who already have the risk to get the disease which is 5% of the total population by 5%. In other words it can increase the schizophrenia percentage by 0.25%. Its lethal dosage is over 60 kilograms. In other words, it’s simply impossible for someone to overdose on marijuana.



But legalized drugs like alcohol and tobacco are responsible for thousands of deaths annually. They are hardly helping someone get along with their life. But still they are legal and marijuana is illegal.

Do you think its wrong someone to use herb like marijuana to improve himself?


Most of the people believe LAW is there to protect people but when you look at it closely and carefully you can see laws are not there to protect you laws are there to control you laws are there to charge you and force you to live the life they want you to live.

Unfortunately we are so used to this and we unable to realize on the way somehow we have lost our dream and we have adopted their dream as our own. Now we are helping them to live their dream by controlling others behalf of them, keeping others at bay and on the line.